News Line| Off Air
Generic placeholder image

Feb
4

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වාර්තා පිට වාර්තා. පන්දු යවන්නන් ජයග්‍රහණයට පාර කපයි.

1771 Views


ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වාර්තා පිට වාර්තා. පන්දු යවන්නන් ජයග්‍රහණයට පාර කපයි.

පළමු ටෙස්ට් සටනේ 4 වන දවස වාර්තා තියමින් අවසන් කරන්න ලංකාවට පුළුවන් වුණා. ඊයේ දවසේ තරඟය අත්හිටුවද්දී වැඩි ගෞරව ලබා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා.

වසර 4 කට පසු ලංකාව ඉනිමකදී ටෙස්ට් ලකුණු 600 යේ සීමාව පහු කරන්න සමත්වුණා. එ්වගේම බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ඉනිමකදී රැස් කරපු දෙවෙනි වැඩිම ලකුණු ගණනට හිමි වාර්තාව අලුත් කරන්නත් සිංහ පැටවුන්ට ඊයේ පුළුවන් වුණා. එ් වගේම ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟයකදී පළමු පිතිකරුවන් 6 දෙනාගෙන් 5 දෙනෙක්ම අර්ධ ශතක වාර්තා කරපු 4 වන අවස්ථාව විදියට වාර්තා ගත වුණා.

රොෂේන් සිල්වා ඊයේ ඔහුගේ මංගල ශතකය වාර්තා කරන්න සමත් වුණා. රොෂේන් ලකුණු 109 කට දැවී ගියා. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ හයේ පහරක් අැතුලත් වුණා. නායක චන්දිමාල් ලකුණු 87 යි. වේගයෙන් ලකුණු රැස් කළ දික්වැල්ල ලකුණු 62 යි. දිල්රුවන් 32 යි. හේරත් ලකුණු 24 ක් රැස් කරා.

ටයිජුල් ඉස්ලාම් ලංකාවේ කඩුලු 4 ක් දවා ගත්තා. ඔහුට අනගි සහයක් දක්වපු හසාන් මිරාස් කඩුලු 3 යි. රහමන් සහ සුන්සාමුල් එක කඩුල්ල බැගින් දවා ගත්තා.

පළමු ඉනිමට ලකුණු 713 ක් රැස් කර ගන්න ලංකාව ඉනිම අත්හිටෙව්වා. බංගලාදේශය දෙවෙනි ඉනිම අාරම්භ කරේ ලකුණු 200 ක් පිටුපසින් ඉදන්. පළවෙනි කඩුල්ලට තමීම් සහ ඉම්රුල් ලකුණු 52 ක සබඳතාවක් රැස් කරා. තමීම් ලකුණු 41 යි. ඉම්රුල් ලකුණු 19 යි. ඊයේ දවසේ යවපු අවසන් පන්දුවේදී රහීම්ව දවා ගන්න හේරත්ට පුළුවන් වුණා. ලංකාවේ දඟ පන්දු යවන්නන්ට ජයග්‍රහණයේ මාවත විවර කර දෙන්න පුළුවන් වුණා.

අද බංගලාදේශය පිටියට එන්නේ තවත් ලකුණු 119 ක් පිටුපසින් ඉදන්. හැබැයි ඔවුන්ට ඉතිරිවෙලා තියෙන්නේ කඩුලු 7 ක් විතරයි. අද දිවා අාහරයට කලින් බංගලාදේශ දෙවෙනි ඉනිම අවසන් කරන එක තමයි ලංකාවේ ඉලක්කය. අපි බලමු ලංකාවට එ් ඉලක්කය සපුර ගන්න පුළුවන් වෙයිද කියලා


News Articles
Latest Videos
Most Popular Post