අාචාර්ය පෙළපාලිය කියන්නේ නිදහස් උළලේ ප්‍රධාන අංගයක්. ලොකු කඩා කවුරුත් නිදහස් උළලේ කැමතිම අංගය එ්ක. හැම සැරයකම අාචාර්ය පෙළපාලියට අලුතෙන් අංගයක් එකතු වෙනවා.
මේ සැරේ නිදහස් පෙළපාලියට අලුතෙන් එකතු වුණ අංගය මුළු රටේම කතාබහට ලක්වුණා. විශේෂයෙන්ම බුකියේ ලොකු අාන්දෝලනයක් අැති කරා. එ් තමයි “ලැප්ටොප් නැටුම”. ලැප්ටොප් අතින් ගත්ත පාසල් යන ගෑණු ළමයි පෙළපාලියට සූදානම් වෙන ඡායාරූප අන්තර්ජාලයට එක් කරලා තිබ්බා. ගොඩක් අය මේ නැටුම විවේචනය කරලා තිබ්බා.
මේ ලැපුටොප් නැටුම ඉවත් කරන්න කියලා අධ්‍යාපන අැමතිතුමා ඊයේ නියෝග කරලා තිබ්බා. හැබැයි කාලයක් තිස්සේ පුරුදු වුණ නිසා මේ නැටුම එකපාරටම අයින් කරන එක අමාරු වෙලා තිබ්බා. එ් නිසා ලැප්ටොප් එක වෙනුවට ලෝක ගෝල අනුරුවක් යොදාගෙන නටන්න තීරණය කරලා තිබ්බා. ලෝක ගෝලයත් ඉවත් කරන්න තමයි අන්තිමේදී තීරණය කරේ.
මේ නැටමු වෙනුවට එ් ළමයිනවම යොදාගෙන අද වෙන නැටුමක් කරනවා. ලැප්ටොප් නැටුම ගැන කලින් දැනගෙන හිටියේ නෑ කියලා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කිව්වා. දැන ගත්ත ගමන් නතර කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. අද ටී.වී එකේ ලැප්ටොප් නැටුම බලන්න හිටිය අයට නම් හුළං තමයි.