News Line| Off Air
Generic placeholder image

Feb
4

වසර 4 කට පෙර සංගක්කාර බංගලියන්ට කළ දේ අද මොමිනුල් හක් ශ්‍රී ලංකාවට කරයි.

11267 Views


වසර 4 කට පෙර සංගක්කාර බංගලියන්ට කළ දේ අද මොමිනුල් හක් ශ්‍රී ලංකාවට කරයි.

සංචාරක ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර පළවෙනි ටෙස්ට් තරඟයේ අවසන් දවස අද. පළවෙනි ඉනිමේදී වගේම දෙවෙනි ඉනිමේත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන්න මොමිනුල් සමත් වුණා.

එ් වගේම අපූරු වාර්තා දෙකක් තියන්න මොමිනුල් හක් සමත් වුණා. ඒ බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරඟ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 87 දෙනා අතරින් එක තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස් කරපු පළවෙනි ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එ් වගේම හරියටම මීට අවුරුදු 4 කට කලින් අද වගේ දවසක කුමාර සංගක්කාරත් ලංකාව සහ බංලාදේශය අතර තරඟයකදී ඉනිම දෙකේදීම ශතක වාර්තා කරා. සංගා ඒ වාර්තාව තිබ්බෙත් මේ ක්‍රීඩාංගණයේදී වීමත් විශේෂයි.

මේ තියෙන්නේ එදා සංගා ශතක දෙකක් වාර්තා කළ තරඟයේ ලකුණු පුවරුව.

 


News Articles
Latest Videos
Most Popular Post