බෙල්ලන්විල පන්සලේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි ඊයේ අපවත් වුණා. පන්සලේ අැති කරපු මියන් කුමාර අැතාට කෑම දෙන්න ගිහින් වුණ අනතුරකින් තමයි උන්වහන්සේ අපවත් වුණේ.
උන්වහන්සේ අනතුරට ලක් වුණාම ගොඩක් අය කිව්වේ මියන් කුමාර අැත් පැටියා හාමුදුරුවන්ට පහරදීලා කියලා. හැබැයි ප්‍රතිකාර ගන්නා අතරතුර පන්සලේ දායකයන්ට අපේ හාමුදුරුවන් කියලා තිබ්බේ අැතා පහර දුන්නේ නෑ කියලා. කොහොම වුනත් අැත්තටම වුනේ මොකක්ද කියලා දන්නේ ස්වාමීන් වහන්සේයි අැත් පැටියායි විතරයි.
වෙච්ච දේ දැන් වෙලා ඉවරයි. වෙනදට උදේම තමන්ට කෑම කවන්න එන ලොකු හාමුදුරුවෝ නැතුව මියන් කුමාරට මොනවා හිතෙනවා අැත්ද. එ් ගැන අපූරු සිතුවිල්ලක් අපිට Facebook එකෙන් හම්බුණා. මොහොතකට මේ සිතුවිල්ල කියවලා බලන්න ඔබේ හදවතටත් සංවේගයක් අැති වුණා නේද කියලා.
මියන් රාජා ගේ කවිය.
බලාන උන්නා පන්සල පුරාම
මොකද්ද මන්දා කළබලයක්
ලොකු හාමුදුරුවො දකින්නවත් නෑ
තරහ වෙලා වගේ තවසැරයක්
සියඹලා කැව්වම තල්ලු කලේ නෑ
එකත් මගෙ පොඩි හුරතලයක්
පාලුයි හොදටම ආයෙ කරන්නෑ
එන්නකො නෑ මගෙ කිසි දගයක්
ඉස්සර උදේට ආවට අදනෑ
වැඩලද දන්නෑ දුර ගමනක්
ඉස්සර නං මට කියලයි යන්නේ
අද මට දැනෙනවා මහ වෙනසක්
මට ලොකු සාදුව හොයන් යන්න බෑ
අද මට පන්සල හිර ගෙදරක්
ආ දෙන් අද මම තරහම තරහයි
ලොකු සාදුත් දැං එක විදියක්
සටහන ජීවන පහන් තිළිණ.