News Line| Off Air
Generic placeholder image

Feb
4

බංගලියන් සිංහයන්ගේ ජය වළකයි. සංගා මහේල නැති ශ්‍රී ලංකාවෙන් වසර 4 කට පසුව වාර්තාවක්.

1976 Views


බංගලියන් සිංහයන්ගේ ජය වළකයි. සංගා මහේල නැති ශ්‍රී ලංකාවෙන් වසර 4 කට පසුව වාර්තාවක්.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි ටෙස්ට් තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා. තරඟය දෙපිලටම සම වාසි තියෙද්දී තමයි අවසන් වුණේ. කාසියේ වාසිය දිනා ගත්ත බංගලාදේශය මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.

පළවෙනි ඉනිමට බංගලාදේශය සියලු දෙනාම දැවී ලකුණු 513 ක් රැස් කරා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල මොමිනුල් ලකුණු 176 ක් ලබා ගත්තා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 92 යි. මහමදුල්ලා ලකුණු 83 කට දැවී ගියා. සුරංග ලක්මාල් සහ රංගන හේරත් බංගලාදේශ පලවෙනි ඉනිමේ කඩුලු 3 බැගින් දවා ගත්තා.

පළවෙනි ඉනිමට දැවැන්ත ලකුණු 713 ක් රැස් කරන්න ලංකාවට පුළුවන් වුණා. ලංකාවේ පිතිකරුවන් 3 දෙනෙක්ම ශතක ලබා ගත්තා. දිත්ව ශතකය පෙනි පෙනී කුසල් මෙන්ඩිස් ලකුණු 196 කට දැවී ගියා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ධනංජය ද සිල්වා ලකුණු 173 යි. මංගල ශතකය වාර්තා කල රොෂේන් ලකුණු 109 යි. චන්දිමාල් ලකුණු 87 කටක් දික්වැල්ල ලකුණු 62 කටත් දැවී ගියා. තයිජුල් කඩුලු 4 ක් දවා ගත්තා. මෙහිදි හසාන් කඩුලු 3 යි.

දෙවෙනි ඉනිමට බංගලාදේශය ලකුණු 200 ක් පිටුපසින් ඉදන් තමයි තරඟය පටන් ගත්තේ. තරඟය අවසන් වෙද්දී ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 307 ක් රැස් කරගෙන හිටියා. දෙවෙනි ඉනිමෙත් ශතකයක් රැස් කරපු මොමිනුල් ලකුණු 105 යි. ලිටොන් දාස් ලකුණු 94 කට දැවී ගියා. රංගන හේරත් දෙවෙනි ඉනිමේත් කඩුලු 2 ක් දවා ගත්තා.

තරඟයේ විරය මොමිනුල් හක්. කොහොම වුනත් ලංකාවේ පිතිකරුවන්ගේ සුපිරි දස්කම් ටිකක් කාලෙකින් බලා ගන්න පුළුවන් වුනා. අවුරුදු 4 කට පස්සේ ලංකාව ඉනිමකදී ටෙස්ට් ලකුණු 600 සිමාව පහුකරන්න සමත් වුණා. ඊලග ටෙස්ට් තරඟය ජය ගන්න සිංහයින්ට හැකි වෙන්න කියලා අපි ප්‍රර්ථනා කරමු.


News Articles
Latest Videos
Most Popular Post