News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

පිරිමින්ට විවාහ දෙකක් අනිවාර්යයි. පනත සම්මත වෙයි.

3792 Views


පිරිමින්ට විවාහ දෙකක් අනිවාර්යයි. පනත සම්මත වෙයි.

සාමාන්‍යයෙන් එක පිරිමියෙක්ට එක විවාහයක් විතරයි කරගන්න පුළුවන්. කාන්තාවකටත් එක පිරිමියෙක් එක්ක විතරයි විවාහ වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් විවාහ දෙකක් කරගන්න ඕන කියලා පනතක් සම්මත වෙලා තියෙනවා.

දැන් ඉතිං ලංකාවේ කාන්තාවන් බය වෙන්න එපා. අප්‍රිකානු රටක් වුණ එරිත්‍රියාවේ තමයි මේ පනත සම්මත වෙලා තියෙන්නේ. මේ නීතියෙන් එ් රටේ පිරිමි අනිවාර්යෙන්ම විවාහ දෙකක් කර ගන්න ඕන. එ්කට අකමැති වුනොත් පිරිමි පුද්ගලයව සිරගත කරන්න වුනත් පුළුවන්.

මේ පනත ගේන්න හේතු වෙලා තියෙන්නේ එරිත්‍රියාවේ තියෙන යුද්ධය නිසා ගොඩක් පිරිමි මැරෙණ එක. එ් නිසා පිරිමි ප්‍රතිශතය සීඝ්‍රයෙන් අඩුවෙලා කාන්තාවන් වැඩිවීමට පිළිතුරක් විදියට තමයි මේ නීතිය ගෙනත් තියෙන්නේ.

හැබැයි පළමු විවාහයක් කරගත්ත පුද්ගලයා දෙවෙනි විවාහය කරන්නවට පළමු බිරිද අකමැති වුනොත් අැයටත් සිර දඬුවම් ලබා දෙන්න පුළුවන්. දැන් ඉතිං ලංකාවේ පිරිමිත් මේ පනත ලංකාවේත් සම්මත කරන්න කියලා උද්ඝෝෂණ කරයිද දන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post