News Line| Off Air
Generic placeholder image

Feb
5

“රාජා පුතේ තරහක් නෑ තුන් සිතක, බෙල්ලන්විලම බාරයි පුතුනේ නුඹට…” – මියන් කුමාරගේ කවියට බෙල්ලන්විල හිමියන්ගෙන් පිළිතුරක් – Trending

1651 Views


“රාජා පුතේ තරහක් නෑ තුන් සිතක, බෙල්ලන්විලම බාරයි පුතුනේ නුඹට…” – මියන් කුමාරගේ කවියට බෙල්ලන්විල හිමියන්ගෙන් පිළිතුරක් – Trending

රටත් ජාතියටත් අාගමටත් විශාල සේවයක් කල මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පහුගියදා දැයෙන් සමුගත්තා. පන්සලේ අැති කල මියන් කුමාර අැත් පැටවාට කෑම දෙද්දී සිදුවුණ අනතුරකින් තමයි උන්වහන්සේ අපවත් වුණේ.

ගොඩක් අය කිව්වේ අැතා අපේ හාමුදුරුවන්ට පහර දීලා කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ රෝහලේ ප්‍රතිකාර ගනිද්දී දායකයන්ට කියලා තිබ්බේ අැතා තමන්ට කිසිම අනතුරක් කරේ නෑ කියලා.

මියන් කුමාර අැතාට දැන් හිතෙන්නේ මොනවද කියලා අපි ඊයේ පලකරා. අද අපි ඔබට කියන්නේ මියන් කුමාරගේ ඒ සිතුවිල්ලට බෙල්ලන්විල හිමියන් දුන්න පිළිතුර. අැත්තටම මිනිස්සුන්ට පේනවාට වඩා ලොකු බැඳීමක් අපේ හාමුදුරුවන් සහ අැත් පැටියා අතර තියෙන්න අැති.

මේ සිතුවිල්ලත් කියලවලා බලන්න. ඔබේ දෑසත් මොහොතකට කදුලින් තෙත් වේවි

මියන් රාජාගේ කවියට බෙල්ලන්විල හිමියන් ලියයි…

රාජා පුතේ තරහක් නෑ තුන්
සිතක..
ජීවිත ගමන අනියතමයි දහම
දැක…
පාඩම උගෙන සමුගමි මම මතු
දිනක…
උඹත් වරෙන් ⁣නිවනේ මග ඇත
දුරක….

පෙරහර නිසා පංසල වෙත
පැමිණි පුතා…
දරුවෙකු උනා මට නොම විණි
නපුරු සතා…
පිය සෙනෙහසක අරුමය මිස
වෙනත් කතා…
ඇහුණේ නෑ පුතුනි බනිනා
මිනිස් සතා….

බෙල්ලන්විලම බාරයි පුතුනේ
නුඹට…
රජ මැතිවරුන් යලි ⁣යලි එයි
පංසලට….
හිස අත ගාවි යලි රිංගාවි පුතුනේ
බඩ යටට…
තුන් දොස් කපා යහපත දෙමු
මිනිස්සුන්ට….

කැලයට ගියා නම් මිනිසුන්
වෙඩි තියලා….
මගෙ පුතු මරයි දළ දෙක
ගන්නට සිතලා…
ඒකයි මිනිසුනේ පුතු
පංසලෙ තියලා….
රැක්කෙ තුන් වේල පිතු
සෙනෙහස පුදලා….

සටහන – එරන්ද බී. ලියනගේ 


News Articles
Latest Videos
Most Popular Post