News Line| Off Air
Generic placeholder image

Feb
6

ජීවිතේට අාදරේ නැත්නම් දවල්ට නිදා ගන්න. හේතුව මෙන්න.

1411 Views


ජීවිතේට අාදරේ නැත්නම් දවල්ට නිදා ගන්න. හේතුව මෙන්න.

සමහර කුම්බකර්ණයෝ ඉන්නවා තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නැතුව නිදි. ඉර මුදුන වුණ මහ දවාලේ රීප්ප පටියක් උඩ හරි නිදා ගන්න යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා. හැබැයි ඉතිං දවල්ට නිදා ගන්න අයට නම් ලෙඩ රෝග වලින් අඩුවක් වෙන්නේ නෑ.

අායුර්වේදයේ තියෙන්නේ මිනිසාට රාත්‍රී නින්ද විතරන් සුදුසුයි කියලා. එ්කත් පැය 6 – 8 ප්‍රමාණයක් විතරයි. එ් වගේම සිරුරේ මේදය අධික අය සහ සෙම අධික අය කෙටි නින්දක් හෝ දවල්ට නිදා ගන්න එක පොඩ්ඩක්වත් හොඳ නෑ. රෑට හරි නින්දක් නොලැබෙන එකත් දවල්ට ලොකු අපහසුතා වලට මුහුණ දෙන්න වෙනවා. අැඟපතේ අැතිවෙන වේදනාව, හිසේ බර ගතිය, අධිකව අෑනුම් යෑම, අලස බව, අාහාර හොදින් නොදිරවීම එ් අතර ප්‍රධානයි.

දිගටම නිදිවැරීව දීර්ඝකාලීන ලෙඩවලට අත වැනීමක්. අංශභාග රෝග, ස්නායු දුබලතා, මානසික ව්‍යාකූලතා එ් අතර සුලභ වෙනවා. දවල්ට නිදා ගන්න අයට දියවැඩියාව, උදරය මහත්වීම, සිරුර ඉදිමීම, හිසරදය සහ කොන්දේ වේදනාව අැති වෙන්න පුළුවන්.

සමහර වෙලාවට රෑට නිදිවරන්න වෙනවා. එ් වෙලාවට දවල්ට කිරි මස් දාලා සුප් එකක් බොන්න පුළුවන් නම් හොදයි. එ් වගේම මුදවපු කිරි අාහාරයට ගන්න, තෙල් ගල්වලා සිරුර සම්බාහනය කරන්න පුළුවන් නම් තවත් හොඳයි. මීට පස්සේ දවල්ට නිදා ගනිද්දී සහ රෑට නිදි වරද්දී මේ ගැන මතක් කර ගන්න.


News Articles
Latest Videos
Most Popular Post