News Line| Off Air
Generic placeholder image

Feb
6

මහේල, සංගා හදපු ක්‍රිකට් සැලැස්මට වුන දේ ක්‍රීඩා අැමති කියයි.

900 Views


මහේල, සංගා හදපු ක්‍රිකට් සැලැස්මට වුන දේ ක්‍රීඩා අැමති කියයි.

පහුගිය අවුරුද්ද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එච්චර හොඳ එකක් වුණේ නෑ. දිගටම පරාජයන් විතරයි අත් වින්දේ. එ් නිසා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ එකතු වෙලා ක්‍රිකට් ගොඩනගන්න සැලැස්මක් හැදුවා.

ක්‍රීඩා අාමාත්‍යවරයා හේමක අමරසූරියගේ සභාපතිත්වයෙන් කමිටුවක් හැදුවා. ඔවුන්ට භාර වුනේ ක්‍රිකට් ගොඩනගන්න කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුමක් හදන එක. මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, අරවින්ද ද සිල්වා මේ කමිටුවට අැතුලත් වුණා. හැබැයි මේ වාර්තාවේ නිර්දේශ තාම ක්‍රියාත්මක වෙන බවක් පේන්න නෑ.

ක්‍රීඩා අාමාත්‍යවරයා කිව්වේ ඡන්ද වැඩ නිසා වාර්තාව තාම කියවන්න වුනේ නෑ කියලා. “මේ දවස්වල ඡන්ද වැඩකටයුතු නිසා එ්ක ටිකක් ප්‍රමාද වුණා. නමුත් 10 වෙනිදායින් පස්සේ සම්පූර්ණ වාර්තාව කියවලා මේ මාසයේ ඉදන් එ් සැලැස්මට අනුව වැඩ කරනවා.” කියලයි අැමතිවරයා කිව්වේ.

දේශීය සියලුම ක්‍රිකට් අාකෘතිවල වෙනස් විය යුතු තැන් මේ වාර්තාවේ තියෙනවා. එ් වගේම ක්‍රීඩාංගණ සකස් කරන්න ඕන විදිය, පළාත් තරඟාවලි පවත්වන්න ඕන විදිය, ක්‍රීඩකයින්ගේ දීමනා සහ නිලවරණයේ ඡන්ද අඩු කරන්න ඕන විදියත් මේ වාර්තාවේ තියෙනවා. කොහොම වුනත් මේ කමිටුවට අාව පළවෙනි දවසේම මහේල කිව්වේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අායෙ ලංකාවේ ක්‍රිකට්වලට උදව් කරන්නේ නෑ කියලා. හැමදාම සැලසුම් හදන්න විතරක් බොරුවට මහන්සි වෙලා වැඩක් නෑ කියලයි ඔහු කිව්වේ.

කොහොම වුනත් ඡන්දේ ඉවර වුන ගමන් සැලැසුම් ක්‍රියාත්මක කරනවා කියලයි ක්‍රීඩා අැමතිවරයා කිව්වේ. හැබැයි ඉතිං අැමතිවරයාගේ වැඩේ ක්‍රිකට් ගොඩනගන එක මිසක් ඡන්ද වැඩ කරන එකද කියන ප්‍රශ්නය තියෙනවා. තවදුරටත් මේ දේවල් පස්ස ගහන එකෙන් වෙන්නේ ලංකාවේ ක්‍රිකට් තවත් විනාශ වෙන එක විතරයි.


News Articles
Latest Videos
Most Popular Post