News Line| Off Air
Generic placeholder image

Feb
6

උදයංගව අැමටදාලා ගෝඨාභය අල්ලන සැලැස්මක්.

469 Views


උදයංගව අැමටදාලා ගෝඨාභය අල්ලන සැලැස්මක්.

පහුගිය අාණ්ඩුවේ සිද්ධ වුණා කියන මිග් ගනුදෙනවට හිටපු අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වෙලා තියෙනවා. එ් වගේම රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගටත් එ් සම්බන්ධව චෝදනා එල්ල වෙලා තියෙනවා.

පෙරේදා උදයංග වීරතුංගව ඩුබායි පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කරලා තියෙන උදයංග වීරතුංගව ලංකාවට ගේන්න නියමිතයි. එ් වගේම උදයංග වීරතුංග, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් විදියට යොදා ගන්න අාණ්ඩුවේ බලධාරීන් අවධානය යොමු කරලා තියෙනවා. එ් සඳහා සම්බන්ධීකරණ කටයුතු කරන්න FCID ජේෂ්ඨ නිලධාරියෙක් යොදා ගන්න නියමිතයි.

කොහොම වුනත් උදයංග වීරතුංග මේ රටට ගෙන එන සම්බන්ධවත් ගැටලුවක් අැති වෙලා තියෙනවා. එ් ඔහුට ලංකාවේ වගේම වෙනත් රටකත් පුරවැසිභාවය තියෙන නිසා. ඩුබායි පොලීසියට පුළුවන් උදයංගව ලංකාවට භාර දෙන්න හරි අනිත් රටට පිටුවහල් කරන්න හරි. ඩුබායි පොලීසිය මොකක් කරනවද කියලා තාම ප්‍රකාශ කරලා නෑ.

Infosrilankanews අැසුරෙන්.


News Articles
Latest Videos
Most Popular Post