News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

සුපිරි ගායක සෝනු නිගම්ට මරණ තර්ජන. මුම්බායි පොලීසියෙන් විශේෂ අාරක්ෂාවක්.

570 Views


සුපිරි ගායක සෝනු නිගම්ට මරණ තර්ජන. මුම්බායි පොලීසියෙන් විශේෂ අාරක්ෂාවක්.

ඉන්දියාවේ සුපිරි ගායක සෝනු නිගම්ට ලෝකය පුරාම රසිකයින් ඉන්නවා. සෝනි නිගම්ට මරණ තර්ජන එල්ල වෙලා කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ මූලධර්මාවාදීන් තමයි සෝනුට මරණ තර්ජන කරලා තියෙන්නේ.

එ්කට හේතුව වෙලා තියෙන්නේ සෝනු නිගම් ඉන්දියාවේ ජාතික ගීය ගැන කරපු ප්‍රකාශයක්. සෝනි කිව්වේ ඉන්දීය සිනමා ශාලා සහ අවන්හල් අැතුලේ ජාතික ගීය ගායනා කරන එක හොඳ නෑ කියලා. එ් නිසා ජාතික ගීයට අගෞරවයක් වෙනවා කියලා ඔහු කිව්වා. මේ ප්‍රකාශය නිසා තමයි සෝනු නිගම්ට මරණ තර්ජන එල්ලවෙලා තියෙන්නේ.

මුම්බායි පොලීසිය මේ ගැන සෝනු නිගම්ට දැනුම් දීලා තියෙනවා. මහාරාෂ්ඨ බුද්ධි අංශ කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයකදී, ප්‍රසංගයකදී හෝ ගමන් කරමින් ඉන්නකොට ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා. මේ නිසා සෝනු නිගම්ට විශේෂ අාරක්ෂාවක් දෙන්න මුම්බායි පොලීසිය ක්‍රියා කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post