මේ වෙද්දී බුකිය පුරා වයිරසයක් වගේ පැතිරෙන ඡායාරුපයක් ඔබත් දකින්න ඇති. යුධ හමුදාවේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු තමන්ගේ නිල ඇඳුමේ තියෙන සිංහ ධජය ඇගිල්ලකින් පෙන්නන්න විදිහ තමයි ඒ ඡායරුපයේ තියෙන්නේ. ඒ වගේම ඔහු තමන්ගේ ඇගිල්ලක් බෙල්ල හරහා යවමින් කරන තර්ජනාත්මක අභිනයකුත් තව ඡායාරූපයක තියෙනවා.
මේ සිද්ධිය වුණේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම තිබුණු දවසේ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉස්සරහට රැස් වුණු ත්‍රස්තවාදීන්ට හිතැති පිරිසක් කොටි කොඩි වනමින්, සටන්කාමී වැකි කියමින් විරෝධතාවක නිරත වුණා. අන්න ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉන්න බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු විරෝධතාවය දක්වන පිරිසට තමන්ගේ ප්‍රතිචාරය දැක්වුවේ මෙහෙමයි.
හැබැයි මේ Video සහ Photo අන්තර්ජාලයට නිකුත්වීමත් එක්ක හමුදා නිලධාරියාටයි හැමෝම ඇඟිල්ල දික් කරේ. කොටින්ම කියනවනම් බ්‍රිතාන්‍යයේ සර්වපාක්ෂික මන්ත්‍රීන් පිරිසක් පැමිණිලි කරලා තිබුනේ මේ නිලධාරියාව ඉක්මනටම පිටුවහල් කරන්න කියලයි.
ඉතිං විදේශ කටයුතු අමාත්‍යංශය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ නිලධාරියාගේ සේවය අත්හිටුවන්න නියෝග කරා. ඒ වගේම මේ නිලධාරියාගේ හැසිරීම ගැන හමුදා පරීක්ෂණයක් පවත්වන්නත් තීරණය කරා. මොකද වගකිවයුතු නිලධාරියෙක් විදිහට බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිළිබඳව විනය ගැටළුවක් තියෙනවා කියලයි ඔවුන් කියන්නේ.
කොහොම වුණත් ඒ වෙලාවේ හමුදා නිලධාරියා ශ්‍රී ලාංකිකයෙක් විදිහට හැසිරුණු විදිහ හරියි කියලයි සමාජ ජාලා මාධ්‍ය වල කතා වෙන්නේ. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුණු අදහස්.