News Line| Off Air
Generic placeholder image

Feb
7

වසර 4 කට පසු ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට. T20 සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

678 Views


වසර 4 කට පසු ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට. T20 සටනට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

බංගලාදේශය එක්ක T20 සටනට යන ශ්‍රී ලංකා බලකාය අද නම් කරා. අැන්ජලෝ මැතිව්ස් අබාධයකට ලක්වෙලා ඉන්න නිසා දිනේශ් චන්දිමාල්ට නායකත්වය ලැබිලා තියෙනවා.

අවුරුදු 03 කට පස්සේ ජීවන් මෙන්ඩිස්ව කණ්ඩායමට කැදවලා තියෙනවා. නවක වේග පන්දු යවන්නන් දෙන්නෙක් වන අසිත ප්‍රනාන්දු සහ ශෙහාන් මදුෂංකත් සංචියට තෝරාගෙන තියෙනවා. එ් වගේම T20 පිටියට අලුත් ක්‍රීඩකයෙක් වුන අමිල අපොන්සුත් මේ සංචිතයේ ඉන්නවා.

IPL වෙන්දේසියේ විකිණුන දුෂ්මන්ත චමීර බංගලාදේශය සමඟ T20 සටනට තෝරාගෙන නැහැ. ශ්‍රී ලංකාවේ පිතිකරණ යෝධයන් වුණ උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත්, තිසර පෙරේරා, අසේල ගුණරත්න සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට අැතුලත්.

මේ තියෙන්නේ ව්‍යාග්‍රයින් සමඟ සටනට යන සිංහ රැළ.

දිනේශ් චන්දිමාල් – නායක
උපුල් තරංග
දනුෂ්ක ගුණතිලක
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
අසේල ගුණරත්න
නිරෝෂන් දික්වැල්ල
දසුන් ශානක
ඉසුරු උදාන
ෂෙහාන් මදුෂංක
ජෙෆ්රි වැන්ඩර්සි
අකිල ධනංජය
අමිල අපොන්සු
ජීවන් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු


News Articles
Latest Videos
Most Popular Post