News Line| Off Air
Generic placeholder image

Feb
8

අද එක ලග්නයකට අලුත් ව්‍යාපාර පටන් ගන්න හොඳ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

735 Views


අද එක ලග්නයකට අලුත් ව්‍යාපාර පටන් ගන්න හොඳ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 පෙබරවාරි මස 08 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.54 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.56 සිට 03.27 දක්වා 
සුභ දිශාව: උතුර 

 

 

 

 

මේෂ ලග්නය

ගංගා ඇළ දොළ හා මුහුදු  ආශ්‍රිතව ගවසීමේදී ඉතා  ප්‍රවේසම් විය යුතු දිනයකි. ගමන් බිමන් වලදීද ප්‍රවේසම් වන්න. අන් අය  සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. වචන භාවිතයේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයක්.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 08

වෘෂභ ලග්නය

විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ කිරීමට වැදගත් දිනයක්. වෙනදට වඩා නිර්භීතව හා උනන්දුවෙන් කටයුතු  කරයි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය දම් පැහැය                                                ජය අංකය 07

මිථුන ලග්නය

කලා කටයුතු වල හා නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයක් වන අතර මාධ්‍ය කටයුතු වලටද, චිත්‍රපට කර්මාන්තයේ නියලෙන්නන්ටද ඉතාම සුභ දිනයකි. නව නිර්මාණ වලට වෙහෙසවී වැඩ කරන්න. වෙනදට වඩා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. ආමාශගත රෝග කෙරෙහි අවදානයෙන් සිටින්න. ආහාර නොගෙන වැඩ කිරීම එතරම් සුදුසු නැත.  කළා නිර්මාණ වලට සුභ දිනයක්. ගමන් බිමන් මග හැර නිදහසේ දිනය ගත කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.

ජය වර්ණය: ලා කොළ පැහැය                         ජය අංකය: 02

 

කටක ලග්නය

අන් අය සතුව  වස්තුන් භුක්ති විදීමේ භාග්‍ය ලැබෙන දිනයකි. වගකීම් වැඩි වන අතර සාර්ථකව ඒවා කරගැනීමට හැකිවන දිනයකි. ගාම්භීරව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුදුසු දිනයක්. සැලසුම් සහගතව දිනය ගත කරන්න.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                               ජය අංකය: 05

සිංහ ලග්නය

ස්වාධීන හා නිවැරදී තීරණ මත ඔබේ වැඩ කටයුතු සියල්ල සාර තකව කරගෙන යා හැකි දිනයකි. නිවසක්, ඉඩමක් ගැනීමට වෙහෙසෙන්න. ඒවා සාර්ථක වන දිනයක් වන අතර උසස් දේවල් භාවිතයට ඔබට අවකාශ ලැබෙන දිනයකි. ඔබේ ආදායම් තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 07

කන්‍යා ලග්නය

ලේඛන කලාවට මෙන්ම නව නිර්මාණ වලට ඔබ වැඩි කැමැත්තක් දක්වන දිනයකි. ඔබේ නිරවුල් භාවය තුල අන් අයගේ වැඩි ආකර්ෂණය ලබාගත හැකි දිනයක් වන අතර සාර්ථකව වැඩ කටයුතු කරගැනීමට හැකි දිනයකි. වාග් ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. අතපසු වුනු ඔබේ වැඩක් නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි.

ජය වර්ණය:  ලා කොළ පැහැය                         ජය අංකය: 03

 

තුලා ලග්නය

අන් අයව මනා ලෙස තේරුම් ගැනීමේ හැකියාව පවතින දිනයකි. මහා පරිමාන ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයකි. අවශ්‍යතාවය අනුව ඔබ ඉතාම හොඳ දේ තෝරාගෙන වැඩ කටයුතු කරන දිනයකි. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු ආරම්භ කරන්න. මංගල යෝග වලට ඉතාම සුභ දිනයකි.

ජය වර්ණය:  ලා තැඹිලි පැහැය                                                ජය අංකය: 02

 

 

වෘශ්චික ලග්නය

 

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතාම සුභ දිනයක්. තම පවුල වෙනුවෙන් වැඩියෙන් කැපවන දිනයක් වන අතර දු දරුවන්ගෙන් වැඩි ආදරයක් ලබන දිනයකි. මිත්‍යා මත ඉවතලා සාර්ථකව දිනය ආරම්භ කරයි. දෙමව්පිඅන්ගේ වැඩි ආදරය ලැබෙන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.

ජය වර්ණය:  රතු පැහැය                                      ජය අංකය: 01

 

 

ධනු ලග්නය

තීරණ ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු අතර වැඩිහිටියන්ගේ නිසි උපදෙස් පිලිපැදීමද වැදගත් වන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුභ දිනයක් වන අතර මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. ආගමානුකුලව හා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.

ජය වර්ණය: ගුරු පැහැය                                                   ජය අංකය: 03

 

 

මකර ලග්නය

ධාරණ ශක්තියෙන් යුතුව හා ආත්ම විශ්වාසයකින් යුතුව දිනය ආරම්භ කරයි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ගෞරවනීයව වැඩ කටයුතු කරගෙන යන දිනයකි. මංගල යෝග ඇතිවන සුභ දිනක් වන අතර පෙම්වතුන් හා පෙම්වතියන්ටද, පවුල් සම්බන්ධතා වලටද ඉතාම සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. කායික ශක්තිය වැඩි වන දිනයකි. දිනය වඩාත් යහපත් වේවි.

ජය වර්ණය: නිල් පැහැය                                                ජය අංකය: 02

 

 

කුම්භ ලග්නය

මනා සැලසුමකින් යුතුව, මනා පිළිවෙලකින් මෙන්ම ප්‍රියතාවයකින් හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. යතාර්ථවාදීව කටයුතු කරගෙන යා හැකි දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි අවධානයක් යමු කිරීමද වැදගත් වන දිනයකි. පාලන තන්ත්‍රයට යොමුවිය හැකි දිනයකි.

ජය වර්ණය: ලා නිල් පැහැය                        ජය අංකය: 01

 

 

මීන ලග්නය

වගකීම් සාර්ථක ලෙස නිමකරගන්න දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වලටද අතපසු වුනු වැඩ නැවත ආරම්භ කිරීමටද යොමු වන දිනයකි. ඉතා හොඳ අධ්‍යාත්මීක ශක්තියකින් යුතුව කටයුතු කල හැකි දිනයකි. සතුරු පීඩා ඉවත් වන දිනයකි. ආගමානුකුලව හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි.

ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                ජය අංකය: 09

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ   

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post