News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

ලංකාව අතහැරිය මාලිංගව, ඉන්දියාව බදා ගනීයි. පන්දු යැවීමේ උපදේශක තනතුරත් පිරිනමයි.

2965 Views


ලංකාව අතහැරිය මාලිංගව, ඉන්දියාව බදා ගනීයි. පන්දු යැවීමේ උපදේශක තනතුරත් පිරිනමයි.

ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ විශිෂ්ඨම පන්දු යවන්නෙක්. පාසල් කාලයේ ඉදලම දැඩි කැපවීමකින් පුහුණුවකින් තමයි මාලිංග අද ඉන්න තැනට අාවේ. ඔහුගේ ගමන කාටවත් නවත්වන්න බැරිවුණේ එ් නිසා.

මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන, දක්ෂතා ගැන ලෝකයම කතා කරා. ලෝකය පුරාම රසිකයන් මාලිංගට අාදරය කරේ එ් නිසා. හැබැයි පහුගිය කාලයේ මාලිංගව කපන්න සමහර මාධ්‍ය අායතන, ක්‍රිකට් බලධාරීන් උත්සාහා කරා. IPL තරඟ ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයා වුණ මාලිංගට මේ සැරේ IPL කණ්ඩායමක අවස්ථාවක් ලැබුණේ නෑ.

නමුත් මාලිංගගේ දක්ෂතා සහ අත්දැකීම් අපතේ යවන්න කාටවත් බෑ. එ් නිසා ලසිත් මාලිංගව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු උපදේශක විදියට තෝරාගාන තියෙනවා. මේ පිළිබඳව ගිවිසුම පහුගිය දා කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී අත්සන් කරා. IPL ඉතිහාසයේ හොඳම පන්දු යවන්නා මේ අවුරුද්දේ ඉදන් උපදේශකයෙක් විදියට කටයුතු කරනවා.

මාලිංගගේ වටිනාකමින් ප්‍රයෝජනයක් නොගන්න ක්‍රිකට් බලධාරීන්ට නම් මේක හොඳ කනේ පහරක්. මාලිංග IPL වෙන්දේසියේදී අලෙවි නොවුන නිසා හැමෝම හිතුවේ ඔහුගේ ක්‍රිකට් දිවිය අවසන් වෙයි කියලා. එ්කට හොඳ පිළිතුරක් අද මාලිංග දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post