News Line| Off Air
Generic placeholder image

Feb
9

වසර 4 ට පසුව මහෙල්, ඩිල්ශාන්, මාලිංග ක්‍රිකට් පිටියට. සම්පූර්ණ තරඟයේ විශේෂ අවස්ථා මෙන්න. (Video) – Exclusive

952 Views


වසර 4 ට පසුව මහෙල්, ඩිල්ශාන්, මාලිංග ක්‍රිකට් පිටියට. සම්පූර්ණ තරඟයේ විශේෂ අවස්ථා මෙන්න. (Video) – Exclusive

ක්‍රිකට් කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙන ක්‍රීඩාවත්. එ්කට හොඳම උදාහරණයක් ඊයේ තිබ්බා. එ් තමයි අයිස් ක්‍රිකට්. හිරිගඩු පිපෙන පට්ට හීතලේ හිම උඩ තමයි අයිස් ක්‍රිකට් ගහන්නේ. මේ අයිස් ක්‍රිකට් තරඟයට ලංකාවෙන් මහේල, ඩිල්ෂාන් සහ මාලිංග සහභාගී වුණා. ඔවුන් තුන්දෙනාම අැතුලත් වුණේ පැලස් ඩයමන්ඩ් කණ්ඩායමට.

කාසියේ වාසිය දිණුව ඩයමන්ඩ් කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්නා. අාරම්භක පිතිකරුවන් විදියට පිටියට අාවේ ඩිල්ෂාන් සහ ෂෙවාග්. ඩිල්ෂාන් ලකුණු 8 ට දැවී ගියා. මහේලට රැස් කරන්න පුළුවන් වුණේ ලකුණු 7 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කරපු ෂෙවාග් ලකුණු 62 යි. එ් 4 පහර 4 ක් සහ 6 පහර 5 ක් එක්ක. සයිමන්ඩ් ලකුණු 40 යි.

සුපිරි පන්දු යැවීමක නිරත වුණ අබ්දුල් රසාක් කඩුලු 4 ක් දවා ගත්තා. ෂොයිබ් අක්තාර් කඩුලු 2 යි. පන්දුවාර 20 ඉවර වෙද්දී ඩයමන්ඩ් කණ්ඩායම ලකුණු 164 ක් දවා ගත්තා. ඔවුන්ගේ කඩුලු 9 ක් බිද වැටුණා.

රෝයල්ස් පිලට ලකුණු 165 ක ඉලක්කයක් ලැබුණා. වෙනදට වේගයෙන් යෝකර් පන්දු යවන මාලිංග අයිස් උඩ දැම්මේ දඟ පන්දු. මාලිංග යවපු පළවෙනි පන්දුවෙන්ම ඩිල්ෂාන්ගේ අතට උඩ පන්දුවක් ලබා දී කඩුල්ලක් දවා ගත්තා. ස්මිත් ලකුණු 23 යි. ජැක් කලිස් ලකුණු 36 යි. අධිවේගී ඉනිමක් ක්‍රීඩා කළ ඔවයිස් ෂා නොදැවී ලකුණු 74 යි. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 7 ක් අැතලත් වුණා. පන්දුවාර 15 යි පන්දු 2 ක් වෙද්දී රෝයල්ස් කණ්ඩායම තරඟය ජයග්‍රහණය කරා.

රමේෂ් පොවාර් කඩුලු 2 ක් දවා ගත්තා. ලසිත් මාලිංග එක කඩුල්ලයි. ඩිල්ෂාන් එක ඕවරයක් විරක් යැව්වත් කඩුලු දවා ගන්න බැරි වුණා. තරඟයේ වීරයා වුණේ ඔවයිස් ෂා. තරඟාවලියේ අවසන් තරඟය අද පැවැත් වෙනවා.

බලන්නකො මහේල, ඩිල්ෂාන් සහ මාලිංග අයිස් උඩ පෙරළි පෙරළි සෙල්ලම් කරපු හැටි.

https://youtu.be/A_Oq3qpsvew


News Articles
Latest Videos
Most Popular Post