එක්දින ක්‍රිකට් රටජව උඩුයටිකුරු කරපු වීරයා සනත් ජයසූරිය. අැල් මැරුණු ක්‍රිකට් වලට ප්‍රවේගකාරී පිතිහරඹය හදුන්වලා දුන්නේ ඔහු. එ් නිසාතමයි සනත්ට මාස්ට බ්ලාස්ටර් කියන්නේ.
ලංකාවේ ක්‍රිකට් වලට අපරිමිත සේවයක් කල සනත්ට පහුගිය දවස්වල පොඩි කදරයක් වුණා. ඔහුගේ දණ හිසේ අාබාධයක් අැතිවුණා. එ් නිසා සැත්කමක් කරන්න ඔහු ඕස්ට්‍රේලියාවට ගියා. සැත්කමින් පස්සේ සුවය ලබපු සනත් ලංකාවට අැවිත්. සැත්කමින් පස්සේ තමන්ගේ පවුලත් එක්ක ඔහු එකතු වෙලා තිබ්බා.
සනත් සහ පවුලේ අය ඉන්න ඡායාරූප කිහිපයක් ඔහුගේ දියණිය කේශියා ජයසූරිය Instagram එකේ පළ කරලා තිබ්බා. “මගේ වීරයා නැවත පැමිණියා” කියලයි අැය සටහන් කරලා තිබ්බේ. මේ තියෙන්නේ එ් ඡායාරූප.