News Line| Off Air
Generic placeholder image

Feb
10

රූ රැජිණ තරගයේ කිරුළ දිනූ සුරූපී පිරිමියා

519 Views


රූ රැජිණ තරගයේ කිරුළ දිනූ සුරූපී පිරිමියා

ගමේ අවුරුදු උත්සවේ අවුරුදු කුමරිය වුනු කෙනෙක්ගේ අනිවාර්ය ඊළඟ බලාපොරොත්තුව වෙන්නේ රටක රූ රැජිණ තරඟයකට සහභාගීවෙන එක. තරඟයට සහභාගිවෙන තවත් සුරූපිණියන් පරදවලා රටේම ලස්සන තරුණිය වුනොත් ඊළඟ අවස්ථාව ලැබෙන්නේ ලෝක රූ රැජිණ තරඟයට සහභාගී වෙන්නේ. පංච කල්‍යාණයෙන් පිරිපුන් අතලොස්සක් කාන්තාවන්ට විතරයි මේ දුර්ලභ අවස්ථාව ලැබෙන්නේ. එත් මේ වගේ රූ රැජිණ තරගයක් ජයග්‍රහණය කළ විසි දෙහැවිදිරි මෝස්‌තර නිරූපන ‘ශිල්පියෙකු’ ගැන කසක්ස්ථානයෙන් වාර්තා වෙනවා.

මේ තරඟය සීමා වෙලා තිබුනේ Instagram සමාජ මාධ්‍ය ජාලයට විතරයි. මේ තරඟයට ඇරීනා ඇලියේවා නමින් තමයි මේ පුද්ගලයා පෙනී ඉඳල තියෙන්නේ. එත් ඔහුගේ ඇත්තම නම ඉලයි ඩයගිලෙෆ් ෂිම්කන්ට්. එත් ඔහු අන්තර්ජාල රූ රැජිණ විදිහට කිරුළු පළඳල තියෙනවා. ඔහු මේ තරඟයට ඉදිරිපත් කරපු ඡායාරූපයට දෙදහසකට අධික පිරිසක් Like කරලා තියෙනවා. ඉතින් වැඩි පිරිසකගේ කැමැත්තෙන් ඇලියේවා දකුණු කසක්ස්ථානයේ ෂිම්කෙන්ට් අගනුවර අන්තර්ජාල රූ රැජිණ ලෙස මේ පුද්ගලයා කිරුළු පැළදුවා.

එත් මේ ජයග්‍රහණයේ සතුට වැඩි කාලයක් ඔහුට රඳවාගන්න බැරි වුනා. ඒ තරඟ සංවිධායකයින් ඔහුගේ කිරුළ ආපහු ගත්ත නිසා. ඒකට හේතුව වුනේ “අසත්‍ය තොරතුරු සැපයීම”. ඊට පස්සේ ප්‍රාදේශීය කිරුළ සහ ජාතික තරඟයේ අවසන් වටයට පෙනී සිටීමේ අවස්ථාව 1,975 දෙනෙකුගේ කැමැත්ත ලබා ගෙන දෙවෙනි ස්ථානයට පත් අයිකෙරිම් ටෙමිර්කනොවාට දීලා තියෙනවා.

ඩයගිලෙෆ් පුරුෂයෙකු බව හෙළි කළේ තරඟයේ අවසන් වටයට තේරීල දවස් දෙකකට පස්සේ. ඇරීනා ඇලියේවා නම් චරිතය සෑදීම “මගේ කණ්ඩායමේ ව්‍යාපෘතියක්” කියලයි ඔහු කියල තියෙන්නේ.

“බොහොමයක් ගෑනු ළමයි හිතන්නේ බාහිර පෙනුම තමයි වැදගත්ම දේ සහ ලස්සන වීම ඉතා අමාරුයි කියල. නමුත් මම මගේ යාලුවොත් එක්ක තර්ක කළා පිරිමියෙකුටත් ලස්සන ගැහැණියෙක් වගේ පෙනී ඉදලා දිනන්න පුළුවන් බව. මම මෝස්තර නිරූපණ ලෝකයේ ඉන්නේ අවුරුදු 17 ඉඳලා නිරූපණය කරමින් ඡායාරූප නිර්මාණය කළා. මට ඉක්මණින් පෙනුම වෙනස් කර ගන්න පුළුවන්. ඇරීනාගේ රූපය ලබා ගන්න මම ආරාධනා කළේ ඡායාරූප ශිල්පියෙකුට, කොණ්ඩා මෝස්‌තර ශිල්පියෙකුට සහ රූපලාවන්‍ය ශිල්පියෙකුට විතරයි” ඒ තමයි අවසානයට ඔහු කියපු කතාව.


News Articles
Latest Videos
Most Popular Post