News Line| Off Air
Generic placeholder image

Feb
10

ඡන්දය කොල්ල කෑවොත් පොලිසියෙන් වෙඩි.

420 Views


ඡන්දය කොල්ල කෑවොත් පොලිසියෙන් වෙඩි.

2018 පළාත් පාලන ඡන්දය අද උදෑසන 7 ට අ‍ාරම්භ වුණා. පළාත් පාලන අායතන 339 ක් සඳහා අද ඡන්දය පැවැත් වෙනවා.

සභිකයන් 8,328 ක් අද දවසේ ඡන්දයෙන් තෝරා පත්කර ගන්න නියමිතයි. ශ්‍රී ලංකිකයන් 15, 760,867 ක් ඡන්දය භාවිතා කරන්න සුදුසුකම් ලබලා තියෙනවා.

මේ පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව ගැන තොරතුරු කියන්න ඊයේ කොළඹ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් තිබුනා. එහිදී යම් යම් වැරදිවලදී උපරිම බලය යෙදවීමක් ලෙස වෙඩි තැබිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කිව්වා. ජන්ද පෙට්ටි කොල්ලකෑම වැනි බරපතල සිදුවීමකදී වෙඩිතැබීමේ බලය පොලිසියට තිබෙන බව තමයි ඔහු වැඩි දුරටත් කිව්වේ.

“උපරිම බලය ලෙස වෙඩි තැබීමේ හැකියාව තිබෙනවා. හැම වරදකටම නෙවෙයි, යම් යම් වැරදි වලට, උදාහරණයක් හැටියට ජන්ද පෙට්ටි කොල්ලකෑමදී”

ඒ වගේම යම් නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වේ. පහතින් තියෙන්නේ ඔබ පිල්පදින්න ඕන නීති.

1) ඡන්ද මධ්‍යස්ථානයක ඉඳලා මීටර් 400 ක වපසරියක් තුළ පුද්ගලයන් එක්රැස්වී සිටීම තහනම්.

2) ඡන්ද මධ්‍යස්ථානයකට බීමත්ව පැමිණියොත් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට තියෙනවා.

3) ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීම තහනම්.

ඉතින් ඉහතින් තියෙන වැරදි ඔබ කලොත් එසේ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්න බලය පොලිසියට තියෙනවා. පළාත් පාලන මැතිවරණ කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 65,753 දෙනෙකු යොදවල තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන සඳහා අනුයුක්ත කරල තියෙන පොලිස් නිලධාරීන් ගිනි අවි සහිතව තමයි රාජකාරියේ යොදවල තියෙන්නේ. ඊට අමතරව විශේෂ කාර්ය බලකාය හා කැරලි මර්ධන ඒකකය ද මැතිවරණයේ විවිධ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තියෙනවා.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කිව්වේ යම් මැතිවරණ කොට්ඨාසයක කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එහි ඡන්දය අවලංගු කිරීමට කටයුතු කරනව කියලයි.

අවසන් ඡන්ද ප්‍රතිඵලය දක්වාම ඔබට ගෙන එන්න සියත 24 සහ සියත FM සූදානමින් ඉන්නවා. රටේ ජනතාව ගම භාර දුන්නේ කාටද කියලා දැන ගන්න දිගටම අපිත් එක්ක රැදී ඉන්න.


News Articles
Latest Videos
Most Popular Post