News Line| Off Air
Generic placeholder image

Feb
10

සැමියගේ කැත පුරුද්ද නවත්තන්න බිරිඳ, කට වටකර වැටක් ගහලා.

722 Views


සැමියගේ කැත පුරුද්ද නවත්තන්න බිරිඳ, කට වටකර වැටක් ගහලා.

දුම්බීම කියන එක මේ කාලේ වෙද්දී සමහරුන්ගේ Fashion එකක් වෙලා. මේ Fashion එක නිසා තමන්ට වගේම වටේ පිටේ ඉන්න අයටත් වෙන හානිය ගැන කොච්චර පහැදිලි කරත් ඒක තේරුම්ගන්නේ කිහිප දෙනයි. ඉතින් මේ දුම්බීම නතර කරගන්න පුළුවන් අපූරු ක්‍රමයක් හොයාගන්න තුර්කියේ කාන්තාවක් සමත් වෙලා තියෙනවා. හැබැයි මේක හැමෝටම කරන්න පුළුවන් වෙයිද කියල බලන්න ඔබ මේ කතාව කියවන්නම වෙනවා.

මේ කාන්තාවගේ නම ඉබ්‍රහිම් යුශේල්. ඇයගේ ස්වාමිපුරුෂයා ඉතා දැඩි ලෙස දුම් පානයට ඇබ්බැහි වුන කෙනෙක්. ඉතින් තමන්ගේ ස්වාමියාගේ මේ ක්‍රියාව නවත්තන්න ඇය අපූරු උපකරණයක් යොදාගෙන තියෙනවා. ඒ තමයි සැමියගේ මුණ වැහෙන්නම හිස් ආවරණයක් හදන එක. මේක සැමියාගේ මුළු ඔළුවම වැහෙන්න සවි කරන්න පුළුවන් උපකරණයක්. ඉතින් ඇය මේ හිස් ආවරණය, සැමියාගේ මුහුණෙන් ඉවත් කරන්නේ ඔහුට කෑම ගන්න ඕන වුනාම විතරයි.

ඉබ්‍රහිම් යුශේල්ගේ තාත්තා කාලෙකට කලින් පෙනහළු පිළිකාවක් නිසා මිය ගිහින් තියෙනවා. ඉතින් ඒ හේතුව නිසා, තමන්ගේ සැමියාට තියෙන ආදරේට ඇය විසින් මේ උපකරණය හදන්න ඇති කියලයි විදෙස් වාර්තා කියන්නේ.

මේ තියෙන්නේ ඉබ්‍රහිම් යුශේල්ගේ සැමියා ඒ උපරණය එක්ක එදිනෙදා වැඩ කරන්න Photos…


News Articles
Latest Videos
Most Popular Post