News Line| Off Air
Generic placeholder image

Feb
10

රංගන හේරත් ලෝකයේ පළවෙනියා වෙද්දී අකිල ධනංජය මංගල තරඟයේදී වාර්තාවක් තියයි.

1666 Views


රංගන හේරත් ලෝකයේ පළවෙනියා වෙද්දී අකිල ධනංජය මංගල තරඟයේදී වාර්තාවක් තියයි.

බංගලාදේශ සමඟ තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. එ්ත් එක්කම තරඟාවලියේ ජයත් ලංකාවය හිමි වුණා. අකිලගේ සහ හේරත්ගේ සුපිරි පන්දු යැවීම් හමුවේ තුන්වෙනි දවසින්ම තරඟය අවසන් වුණා. රංගන හේරත් ලෝක වාර්තාවක් තියන්නත් අද සමත් වුණා.

පළවෙනි ඉනිමට ලංකාව ලකුණු 222 ක් ලබා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 68 යි. ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් සහ එක් 6 පහරක් අැතුලත් වුණා. රොෂේන් ලකුණු 56 ක් ලබා ගත්තා. දිල්රුවන් ලකුණු 31 ට දැවී ගියා.

සුපිරි පන්දු යැවීමක නිරත වුණ මෙහිදි සහ රසාක් ලංකාවේ පළවෙනි ඉනිම අඩපණ කරා. ඔවුන් දෙදෙනා කඩුලු 4 බැගින් දවා ගත්තා. රහ්මන් කඩුලු 2 යි.

ලකුණු 222 ක ඉලක්කයක් හඹා ගිය බංගලි පිතිකරුවන් ලකුණු 110 ට දැවී ගියා. ලිටොන් දාස් ලකුණු 25 යි. මෙහිදි හසාන් නොදැවී ලකුණු 38 යි. මේ තරඟයේදී ටෙස්ට් වරම් ලැබුණ අකිල කඩුලු 3 ක් දවා ගත්තා. සුපිරි පන්දු යැවීමක නිරත වුණ සුරංග ලක්මාල් කඩුලු 3 යි. දිල්රුවන් කඩුලු 2 යි.

ලංකාව දෙවෙනි ඉනිම පටන් ගත්තේ ලකුණු 112 ක් ඉදිරියෙන් ඉදන්. දිමුත් කරුණාරත්න ලකුණු 32 යි. ධනංජය ද සිල්වා ලකුණු 28 යි. ශ්‍රී ලංකා ඉනිම ඔසවා තිබ්බ රොෂේන් නොදැවී ලකුණු 70 යි. ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් අැතුලත් වුණා. නායක චන්දිමාල ලකුණු 3 යි. තයිජුල් ලංකාවේ කඩුලු 4 ක් දඩයම් කරා. මුස්ටාෆිසූර් කඩුලු 3 යි.

ජයග්‍රහණය සඳහා බංගලාදේශයට ලකුණු 339 ක ඉලක්කයක් ලැබුණා. හැබැයි ලංකාවේ ඳඟ පන්දු යවන්නන් එකට ඉඩ දුන්නැ නෑ. මොමිනුල් ලකුණු 33 කට දැවී ගියා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 25 යි. ඉම්රුල් ලකුණු 17 යි. අනිත් කිසිම ක්‍රීඩකයෙක්ට සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුණේ.

ජයග්‍රහණය සඳහා බංගලාදේශයට ලකුණු 339 ක ඉලක්කයක් ලැබුණා. හැබැයි ලංකාවේ ඳඟ පන්දු යවන්නන් එකට ඉඩ දුන්නැ නෑ. මොමිනුල් ලකුණු 33 කට දැවී ගියා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 25 යි. ඉම්රුල් ලකුණු 17 යි. අනිත් කිසිම ක්‍රීඩකයෙක්ට සාර්ථක වෙන්න අවස්ථාවක් ලැබුණේ.

තමන්ගේ මංගල ටෙස්ට් තරඟයේම ඉනිමකදී කඩුලු 5 ක් දවා ගන්න අකිල ධනංජය සමත් වුණා. ශ්‍රී ලංකාවේ පන්දු යවන්නෙක් මංගල ටෙස්ට් තරඟයේදී දක්වපු හොඳම දක්ෂතාව විදියට වාර්තා වුණා. රංගන හේරත් කඩුලු 4 ක් දවා ගත්තා. එ්ත් එක්කම ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු ලාබී වමත් පන්දු යවන්නා විදියට වාර්තාගත වුණා. තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මාන දිනා ගත්තේ රොෂේන් සිල්වා.


News Articles
Latest Videos
Most Popular Post