2018 පළාත් පාලන ඡන්ද විමසීම මේ වෙද්දී අාරම්භ වෙලා තියෙන්නේ. සියත වාර්තාකරුවන් සදහන් කරන විදියට ජනතාව ඉතාම උනන්දුවෙන් ඡන්දය දාන්න ඡන්ද මධ්‍යස්ථාන වෙන පැමිණෙනවා. ජනතාව වගේම ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ පක්ෂ විපක්ෂ මැති අැමතිවරු අද උදේම ඡන්දය භාවිතා කරා. මේ තියෙන්නේ එ් ඡායාරූප.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා අද උදේ 10 ට ඡන්දය භාවිතා කරා. එ් පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී.
අගමැතිතුමා ඡන්දය භාවිතා කරේ කොළඹ විශ්ව විද්‍යාලයේ, විද්‍යාල මන්දිරයේ පිහිටුවා අැති ඡන්ද මධ්‍යස්ථානයේදී.
හිටපු ජනාධිපතිවරයාත් අද උදේම ඡන්දය භාවිතා කරා. එ් වීරකැටිය මැදමුලන ඩී.එ්. රාජපක්ෂ මහා විද්‍යාලයේදී.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පංචිකාවත්කේදී අද උදෑසනම ඡන්දය භාවිතා කරලා.
විපක්ෂ නායක අාර්. සම්බන්ධන් මහතා ඡන්දය භාවිතා කරේ ත්‍රිකුණාමලයේ ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේදී.
අධ්‍යාපන අැමති අකිල විරාජ් කාරියවසම් මහතා කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේදී ඡන්දය භාවිතා කරා.
ග්‍රාමීය අාර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කලා.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බේරුවල හෙට්ටිමුල්ල විහාරස්ථානයේදී ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය භාවිතා කරා.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් එ්කනායක මහතා ඡන්දය ප්‍රකාශ කළේ මහනුවරදී.
එ්කාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහකා ගම්පහ උඩුගම්පොළ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරා.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහකා බත්තරමුල්ල දකුණු තලංගම විද්‍යාවර්ධන මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කරා.