News Line| Off Air
Generic placeholder image

Feb
10

ලොව අංක එකේ ක්‍රීඩකයා වුන රංගන හේරත්ට ප්‍රවීන ක්‍රීඩකයින් කිව්ව කතා.

1680 Views


ලොව අංක එකේ ක්‍රීඩකයා වුන රංගන හේරත්ට ප්‍රවීන ක්‍රීඩකයින් කිව්ව කතා.

ටෙස්ට් තරඟ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තියන්න රංගන හේරත් සමත් වුණා. එ් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් වමත් පන්දු යවන්නා විදියට.

මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ ලෝක පූජිත පන්දු යවන්නෙක් වුණ වසීම් අක්‍රම්. ඔහු කඩුලු 414 ක් දවාගෙන තිබ්බා. රංගන හේරත් ඔහුගේ 415 වෙනි කඩුල්ල විදියට ටයිජුල් ඉස්ලාම් දවා ගත්තා.

හේරත් ටෙස්ට් තරඟවලදී කඩුලු 5 අවස්ථා 33 ක් සහ කඩුලු 10 බැගින් අවස්තා 9 ක් වාර්තා කරලා තියෙනවා. හේරත්ගේ මේ සුපිරි වාර්තාවත් එක්ක ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ විචාරකයින් ඔහුට සුභ පැතුවා. කුමාර් සංගක්කාර, සචින් ටෙන්ඩුල්කාර්, මහේල ජයවර්ධනත් එ් අතර වෙනවා.

මේ තියෙන්නේ ඔවුන් හේරත්ට සුභ පතලා තියපු ට්විටර් සටහන්.


News Articles
Latest Videos
Most Popular Post