News Line| Off Air
Generic placeholder image

Feb
12

අද ලග්න තුනකට ව්‍යාපාර කටයුතු වලට සුභයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

882 Views


අද ලග්න තුනකට ව්‍යාපාර කටයුතු වලට සුභයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 12 වනදා
රාහු කාලය  දිවා කාලය උදෑසන 7.57 සිට 09.26 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.51 සිට 09.23 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර
අසුභ දිශාව: වයඹ

 

 

 

 

මේෂ ලග්නය

තාක්ෂණික  ආශ්‍රිත කටයුතු වලට ඉතාම සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර වලද නව දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයකි. . ශ්‍රමය යොදා කරන සෑම වැඩක්ම සාර්ථක වන දිනයකි. මානසික අසහනකාරී තත්වයන් ඇතිවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                             ජය අංකය: 07

වෘෂභ ලග්නය

බොහෝ කාර්යයන් හමුවේ යම් මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම තුල දිනය සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. තම සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් වන්න. තම පවුලේ උදවිය වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                          ජය අංකය: 05

මිථුන ලග්නය

ක්‍රමානුකුලව ඔබේ වැඩ කටයුතු සම්පාදනවා කරගත යුතු දිනයකි. උසස්, උගත් පුද්ගලයන්ගේ උදව ලැබෙන දිනයකි. නමුත් කරන සෑම කටයුතුතකින්ම ජය ලබාගත හැකි දිනයක් වන අතර ආගමට දහමට ඔබ වඩාත් නැඹුරු වන දිනයකි. ඉවසීමෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය:  ලා කහ පැහැය                                                       ජය අංකය: 07

 

කටක ලග්නය

රැකියා ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. නමුත් මානසික අසහනතා මත වැඩ සියල්ල අකර්මන්‍ය වීමේ ඉඩකඩද පවතියි. කායික ශක්තිය දුර්වල විය හැකි දිනයකි. ආමාශගත රෝගී තත්වයන්ද ඇතිවිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්න. සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කරගැනීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                 ජය අංකය: 03

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. දුර බැහැර ගමන් ඇතිවන දිනයකි. සමාජ සේවා කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. තමාගේ වැඩ කටයුතුද වෙනදට වැඩ සාර්ථක කරගනියි. කෙසේවුවත් කල්පනාකාරීව හා ඉවසිලිවන්තව වැඩ කටයුතු සිදුකිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                 ජය අංකය: 08

කන්‍යා ලග්නය

ජලය ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. වැඩ කටයුතු සියල්ල පිළිබඳවද වෙනදට වඩා වැඩි සැළකිල්ලක් දැක්විය යුතු දිනයකි. කෙසේවුවත් සාමකාමීව දිනය ගත කිරීමට වග බලාගැනීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා දම් පැහැය                                                 ජය අංකය: 04

 

තුලා ලග්නය

ඔබේ පැරණි මිතුරන් වෙනදට වඩා ඔබට ලංවන දිනයක් වන අතර ඔවුන්ගෙන් ඔබට උදව් ලැබෙන දිනයකි. ඔබ කරනා කියන  වැඩ කටයුතු බොහොමයකින් සාර්ථකත්වය උදාකර ගත  හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ  කරන්න.  කල්පනාකාරීව වන්න. දිනය වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                    ජය අංකය: 03

 

 

වෘශ්චික ලග්නය

 

අවලාද හා උපහාස විඳීමට සිදුවන දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරී වන්න. අතිශය කාර්යබහුල විය හැකි දිනයක් වන නිසාම මානසික පීඩා පවා ඇතිවිය හැකිය. නමුත් කල්පනාකාරී වන්න. ලිපි  වැඩ කටයුතු වලට වඩාත් සුභ දිනයකි. එමෙන්ම තම සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වීමද වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                            ජය අංකය:09

 

 

ධනු ලග්නය

අතිශය කාර්යබහුල විය හැකි දිනයක් වන නිසාම මානසික පීඩා පවා ඇතිවිය හැකිය. එබැවින් නිසි ලෙස කටයුතු සම්පාදනය කරගන්න. බොහෝ පිරිසකගේ අවධානය ඔබ වටා ඇතිවන දිනයකි. ආගමනුකුලව දින ගත කරන්න. ගමන් බිමන් වලදී වඩාත්  යහපත් සෞඛ්‍ය පවත්වා ගනිමින් වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                             ජය අංකය: 03

 

 

මකර ලග්නය

බැංකු සේවා ආශ්‍රිත කටයුතු වලට මෙන්ම මුල්‍ය පරිපාලන කටයුතු වලට ඉතාම සුභ දිනයකි . ව්යාප කටයුතු වලද සාර්ථකත්වයක් අපේක්ෂා කල හැකි දිනයකි. වඩාත් ඉවසීමෙන් හා කල්පනාකාරීව තම වැඩ කටයුතු සම්පාදනය කරගැනීමට යොමුවන්න. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                          ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

කළා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. තම පෞරුෂය අය අතර වෙනදට වඩා  පෙනෙන දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. අන් අයගේ  ගෞරවයද නොමදව දිනාගත හැකි දිනයකි. වියදම් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                        ජය අංකය: 09

 

 

මීන ලග්නය

කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කිරීමට වග බලාගන්න. ඔබ වඩාත් කල්පනාකාරී හා ප්‍රවේසම් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කරන්න. ඉවසිලිවන්ත වීමද වඩාත් වැදගත්. රැකියා හා ව්‍යාපාර වල වෙනස්කම් වලට යොමුවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                   ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන:  076 676 53 53   


News Articles
Latest Videos
Most Popular Post