News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

ජුංචි ඡන්දයෙන් පස්සේ වැසිකිලියේ බලය අල්ලන්න තවත් සටනක්.

623 Views


ජුංචි ඡන්දයෙන් පස්සේ වැසිකිලියේ බලය අල්ලන්න තවත් සටනක්.

පුංචි ඡන්දයේ ප්‍රථිඵල ඉහළ තැන්වලට මෙන්ම පහළම තැනටත් දැනිලා තියෙන්නේ. කොච්චර පහළට දැනිලාද කියනවා නම් වැසිකිලියට දක්වාම දැනිලා.

හලාවත ප්‍රධාන බස් නැවතුම් පොළේ පිහිටි වැසිකිලියට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ඊයේ හවස මේ ප්‍රහාරය එල්ල වෙද්දී නගර සභාවේ සේවකයින් දෙන්නෙක් එහි සේවය කරමින් ඉඳලා තියෙනවා. හලාවත නගර සභාවේ බලය ලබා ගත්ත පක්ෂයක අාධාරකරුවන් පිරිසක් තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. තමන් නගර සභාව ජයග්‍රහණය කරලා තියෙන නිසා වැසිකිළියේ යතුර තමන්ට භාර දීලා සේවයෙන් ඉවත් වෙන්න කියලා සේවකයින්ට තර්ජනය කරලා.

නගර සභාවේ සේවකයින් දෙන්නාට පහර දීලා ඔවුන් සතු යතුරු පැදි දෙකකටද පහර දීලා තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙක් පොලීසිය අත්අඩංගුවට අරන් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post