News Line| Off Air
Generic placeholder image

Feb
12

ශ්‍රීලනිපයේ කුරුණෑගල ප්‍රභල අැමතිවරයෙක් පොහොට්ටුවට ?

2388 Views


ශ්‍රීලනිපයේ කුරුණෑගල ප්‍රභල අැමතිවරයෙක් පොහොට්ටුවට ?

දැන් පටන් අරන් තියෙන්නේ ලංකාවේ දේශපාලනයේ බල පෙරලි සහ පිල් මාරු අැතිවන කාලයක්. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයත් එක්ක ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු වෙලා තියෙන්නේ.

එ් විදියට පිල් මාරු කරන්න ගිහින් පිම්ම වැරදුණ අැමති කෙනෙක් ගැන ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණා.

මේ අැමතිවරයා කාලයක් එක්සත් ජාතික පක්ෂයේ කැපී පෙනෙන චරිතයක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න මේ අැමතිවරයා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව ඉන්න කාලයේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වුණා. මේ වෙද්දී යහපාලන අාණ්ඩුවේ ප්‍රභල අැමති ධූරයක් දරණවා.

පළාත් පාලන ඡන්දයෙන් පොහොට්ටුව ජයගත්තත් එක්ක ඔහු පොහොට්ටුවට පනින්න උත්සහ කරා. එ් බව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීලා තිබ්බා. හැබැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු අැතුළු එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එ්කට කැමති වෙලා නෑ. හිටපු ජනාධිපතිතුමාත් කියලා තිබ්බේ “ඉස්සර අපිත් එක්ක නොහිටපු අය දැන් ඕන නෑ” කියලා.

පොහොට්ටුවට පනින පිම්ම වැරදුණ තැන මේ අැමතිවරයා එක්සත් ජාතික පක්ෂය මුක්කුවක් ගහන්න උත්සාහා කරා. එ් කරු ජයසූරිය මහතා නායකයා කරලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු එකතු කොටසක් එකතු කරන් එජාපයේ බලය අල්ලන්න. හැපැයි එ් වැඩෙත් ලප් තැනම ලොප් වුණා.


News Articles
Latest Videos
Most Popular Post