News Line| Off Air
Generic placeholder image

Feb
13

රොෂේන්ට සහ අකිලට ICC යෙන් වැඩි සැලකිලි. හේරත්ව පහතට අැද දමයි.

621 Views


රොෂේන්ට සහ අකිලට ICC යෙන් වැඩි සැලකිලි. හේරත්ව පහතට අැද දමයි.

බංගලාදේශ එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියෙන් ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. රොෂේන් සිල්වාගේ සහ අකිල ධනංජයගේ සුපිරි දස්කම් අන්තිම තරඟය ලංකාවට දිනන්න උදව් වුණා. එ් නිසා ඔවුන් දෙදෙනාට ලොකු හැන්දකින් බෙදන්න ICC ය කටයුතු කරලා.

අලුත්ම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පිතිරණ ශ්‍රේණිගත කිරීම්වල 9 වෙනි තැන හිටිය චන්දිමාල් 12 ට පහත බැහැලා. කුසල් මෙන්ඩිස් නම් 23 ඉදලා 21 ට ඉහළ ගිහින් තියෙනවා. ICC යෙන් ලොකුම සැලකිල්ල ලැබිලා තියෙන්නේ රොෂේන්ට. 78 හිටිය රොෂේන් 49 දක්වා ඉහළට ගන්න ICC ය කටයුතු කරලා තියෙනවා. 28 වෙනි තැන හිටිය දිමුත් 32 වෙනි තැනටත් 41 හිටිය දික්වැල්ල 45 ටත් පහතට වැටිලා තියෙනවා. දිල්රුවන්ටත් 91 වෙනි ස්ථානය දක්වා පහත වැටිලා තියෙනවා.

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 8 වෙනි තැන හිටිය හේරත් තාමත් එ් ස්ථානය අාරක්ෂා කරගෙන ඉන්නවා. දිල්රුවනුත් 28 වෙනි ස්ථානයේරැදී ඉන්නවා. සුරංග ලක්මාල්ට ස්ථාන දෙකක් ඉහළට එන්න පුළුවන් වෙලා තියෙනවා. ඔහු දැන් ඉන්නේ 31 වෙනි තැන. ටෙස්ට් වරම් ලබපු පළවෙනි තරඟයෙන්ම ශ්‍රේණිගත කිරීම්වල 58 වෙනි තැනට එන්න අකිල ධනංජයට පුළුවන් වෙලා තියෙනවා. ලක්ෂාන් සඳනැන්ට 60 වෙනි ස්ථානය දක්වා පහත වැටිලා තියෙනවා. ලහිරු ගමගේ 81 වෙනි තැනට අඩියක් පස්සට අරන් තියෙනවා.

ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලයිස්තුවේ පළවෙනි 10 දෙනා අතර ඉන්න හේරත්ට සහ දිල්රුවන්ට මීට කලින් පුළුවන් වුණා. හැබැයං අලුත්ම ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් දෙදෙනාම අඩියක් පස්සට තියලා තියෙනවා. 8 වෙනි තැන හිටිය හේරත් 10 වෙනි තැනට පහු බැහැලා. 10 හිටිය දිල්රුවන්ට හිමිවෙලා තියෙන්නේ 11 වෙනි තැන.


News Articles
Latest Videos
Most Popular Post