News Line| Off Air
Generic placeholder image

Feb
14

අද හෘද රෝගීන් කල්පනාකාරී වියයුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

607 Views


අද හෘද රෝගීන් කල්පනාකාරී වියයුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 14 
රාහු කාලය  දිවා කාලය දහවල් 12.25 සිට දහවල් 01.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.25 සිට අලුයම 01.56 දක්වා 
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව : නිරිත

 

 

මේෂ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ජීවිතයට නව බ බලාපොරොත්තු ඇතිවන දිනයක්. නව ආදායම් මාර්ග ඇතිවන දිනයක් වන නමුත් වියදම පිළිබඳවද වඩාත් සැලකිලිමත් වන්න. විවාහ ජීවිතය තුල මෙන්ම පවුල තුල ප්‍රශ්න අවම වන දිනයක්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                         ජය අංකය: 07

වෘෂභ ලග්නය

තම ව්‍යාපාර හා පවුලේ කටයුතු පිළබඳව වැඩි අවධානයක් දක්වන දිනයකි. පෙර පින ඉස්මතු වන සුභ දිනයකි. ඔබේ පෞරුෂය වෙනදට වඩා අන් අය අතර කැපී පෙනෙන දිනයක්. හවුල් ව්‍යාපාර කටයුතු වලට වැඩි වශයෙන් ඔබ නැඹුරු වන දිනයක්. හවුල් ව්‍යාපාර වලදී මෙන්ම මුල්‍ය පරිපාලන කටයුතු වලදී තරමක් කල්පනාකාරීව ඒවා සිදුකරොත් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව පවතිනවා.
ජය වර්ණය: විසිතුරු පැහැය                                         ජය අංකය: 06

මිථුන ලග්නය

ඔබේ සිතින් දුක්වන ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. මානසික පීඩා වැඩියෙන් ඔබේ වැඩ කටයුතු වලදී ඔබට අසහනයක් ගෙන දෙයි. අන් අය හේතුවෙන් ඒවා ඇතිවන බැවින් වඩාත් ප්‍රවේසම් වන්න. අන් අය සමඟ ආශ්‍රයේදී හා වචන භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන්න. ලිපි ලේඛන කටයුතු වලටද බාධා ඇතිවන දිනයකි. සැලකිලිමත් වන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 03

 

කටක ලග්නය

වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. විටින් විට අදහස් වෙනස් වන ස්භාවයක් ඇතිවිය හැකිය. පවුල් සබන්ධතා නැවත ශක්තිමත් වන දිනයක්. හවුල් ව්‍යාපාර කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. කෙසේවුවත් ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                 ජය අංකය: 09

සිංහ ලග්නය

තම කටයුතු වලට සතුරු කරදර ඇතිවිය හැකි දිනයකි. එබැවින් මානසික අසහනකාරී තත්වයන්ද ඇතිවිය හැකිය. තම නිවාස වතුපිටි පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. තරග ආදියෙන් ජය ලබාගත හැකි දිනයකි. තම පවුලේ අය වෙනුවෙන් වැඩියෙන් ව්හෙසවීමට සිදුවන දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග කෙරෙහි වඩාත් සැළකිලිමත්  වන්න. හොදින් සිතාබලා වැඩ කටයුතු  සිදුකරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                 ජය අංකය: 09

කන්‍යා ලග්නය

හදවත් රෝග පවතින කෙනෙක් නම් කල්පනාකාරී වන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු වන්න. නව දේවල් සොයා යන, ඉගෙන ගැනීමට යොමු වන දිනයක්. සංචාරක කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත වැඩ කටයුතු වලදී වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම සැහැල්ලුවෙන් කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කොළ  පැහැය                                                 ජය අංකය: 03

 

තුලා ලග්නය

නිවාස ආශ්‍රිතව වැඩියෙන් උනන්දුවක් දක්වන දිනයකි. පරිපාලන හා මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු වලට ඉතාම සුභ දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. නැතිනම් වැඩ කටයුතු සියල්ල අකර්මන්‍ය වීමේ ඉඩකඩ පවතියි. කල්පනාකාරීව නිසි තීරණ මත කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම්  පැහැය                                                    ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

ඔබේ පෞරුෂය තුල අන් අය ආකර්ෂණය කරගැනීමේ වැඩි ඉඩකඩ පවතින දිනයකි. කෝපය පාලනය කරගත යුතු දිනයකි. නැතිනම් ඔබේ වැඩ කටයුතු සියල්ලම නිෂ්ඵල වීමට හැකිය. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                               ජය අංකය:09

 

 

ධනු ලග්නය

කායික හා මානසික පීඩා වැඩියෙන් ඇතිවිය හැකි දිනයකි. වචන භාවිතයේදී වඩාත් සැලකිලිමත් වීම වැදගත් වන අතර ලිපි ලේඛන ආශ්‍රිතවද වඩාත් සැළකිලිමත් වන්න. සමාජය තුල කැපී පෙනෙන දිනයක්.කොන්ද හා තුනටිය ආශ්‍රිතව රෝග තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                              ජය අංකය: 08

 

 

මකර ලග්නය

තම වචන භාවිතයෙන් අන් අය දිනා ගනීමෙට හැකි දිනයකි. ඔබේ සිතේ සතුටින් ආරම්භ කරන්න වඩාත් වැදගත් වැඩ කටයුතු අවුල් සහගත වීමට ඉඩ ඇති දිනයක්. එබැවින් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්. කරන වැඩ කටයුතු වලදී ප්‍රවේසම් වීම වැදගත්.
ජය වර්ණය: ලා නිල් පැහැය                                          ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

ව්‍යාපාර හා රැකියා කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. අන් අය ඔබව සොයා එන දිනයක් වන අතර ඔබ කරන සෑම දෙයක්ම සමාජය තුල කැපී පෙනෙන දිනයක්. නමුත් යම් යම් චිත්ත පීඩා ඇතිවීමට ඉඩ ඇති බැවින් වඩාත් ඉවසිල්ලෙන් කටයුතු කරන්න.අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කරන්න සුභ දිනයකි. කෙසේවුවත් කලපනාකරිව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                       ජය අංකය: 09

 

මීන ලග්නය

කායික හා මානසික පීඩා යටපත් කරගනිමින් ඔබ කරන්න වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගැනීමේ හැකියාව පවතින දිනයකි. කලා නිර්මාණ වලටද ඉතාම සුභ දිනයක්. නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. තරමක් කල්පනාකාරී වීමද වැදගත්. ආදායම සුභ වන නමුත් වියදම් අධික වියහැකි දිනයක් විය හැකිය. අදාළ වී තිබු සම්බන්ධතා නැවත ඇතිවන සුභ දිනයකි. ඉවසීමෙන් හා ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                      ජය අංකය: 04
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන:  076 676 53 53   


News Articles
Latest Videos
Most Popular Post