News Line| Off Air
Generic placeholder image

Feb
14

එජාපයට අද Lunch එක අගමැති ගානේ, නිදහස් පක්ෂෙට ජනපති ගානේ. – Exclusive

1359 Views


එජාපයට අද Lunch එක අගමැති ගානේ, නිදහස් පක්ෂෙට ජනපති ගානේ. – Exclusive

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි කවුද අලුත් අාණ්ඩුවක් හදන්නේ කියන එක. එ් අතරිනුත් එජාපය තනි අාණ්ඩුවක් හදනවා කියලා දැනටමත් ප්‍රකාශ කරලා තියෙන්නේ.

කොහොම වුනත් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර තාමත් මේ ගැන සාකච්ඡා සිද්ධ වෙනවා. අද උදේ විශේෂ කැබිනට් රැස්වීමක් තිබ්බා. අාණ්ඩුවේ ඉදිරි ගමන ගැන තමයි මේ කැබිනට් රැස්වීමේදී කතා කරේ.

කැබිනට් රැස්වීමෙන් පස්සේ අගමැති නිල නිවසේදී එජාප අැමතිවරුන්ට දිවා අාහාරය ලැබුණා. දිවා අාහාරය ගන්නා ගමන් අගමැතිතුමා එජාප අැමතිවරුන්ට කිව්වේ ස්ථිර වශයෙන්ම එජාප අාණ්ඩුවක් හදනවා කියලා. එ් වගේම අාණඩුවට හැදුවට පස්සේ පක්ෂය අැතුලේ වෙන්න ඕන වෙනස්කම් කරනවා කියලත් එතුමා කිව්වා. පවතින දේශපාලන තත්වය ගැන කතා කරන්න එජාපය සහ ශ්‍රීලනිපය හදන කමිටුවට නම් කරන අය කවුද කියලා අගමැතිතුමා අද හවසට ප්‍රකාශ කරනවා.

එ් අතරේ ශ්‍රීලනිපයේ අැමතිවරුන්ට ජනාධිපතිතුමාගෙන් ජනාධිපති කාර්යාලයේදී දිවා අාහාරය ලැබුණා. දිවා අාහාරය ගන්නා අතරතුරදී ජනාධිපතිතුමා කිව්වේ 16 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post