අද උදේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වුණා. කැබිනට් රැස්වීමෙන් පස්සේ එජාප අැමතිවරු අගමැතිතුමා එක්ක අරලියගහ මන්දිරයට ගියා. ශ්‍රීලනිප අැමතිවරු ජනාධිපතිතුමා එක්ක ජනාධිපති ලේකම් කාර්යාලයට ගියා. දෙපැත්තෙම අැමතිලට අගමැතිතුමා සහ ජනාධිපතිතුමා දිවා අාහාරය දුන්නා කියලා අපි කලින් ඔබට කිව්වා.
දිවා අාහාරය ගනිද්දී දෙපැත්තෙම අය කතා කරේ මොනවද කියලා අාපිට අාරංචි වුණා. එජාප අැමතිලා එක්ක අගමැතිතුමා දිවා අාහාරය ගන්න ගමන් කිව්වේ “බය වෙන්න එපා ඉස්සරහටත් ආණ්ඩුව අපේ” කියලා. එ්වගේම පක්ෂයේ අැතුලේ වෙනස්කම් කිහිපයක් වෙන්න තියෙනවා කියලත් අගමැතිතුමා කිව්වා. මේ දවස් දෙක අැතුලතදී එ් වෙනස්කම් කරනවා කියලත් අගමැතිතුමා එජාප අැමතිවරුන්ට කිව්වා.
මේ අතරේ ජනාධිපතිතුමාත් ශ්‍රීපනිප අැමතිවරු එක්ක දිවා අාහාරය අතරතුරදී කතා කරා. එ් වෙලාවේ අැමතිවරු කොටසක් කිව්වේ පොදුජන පෙරමුණ එක්ක එකතු වෙමු කියලා. හැබැයි තවත් අැමතිවරු පිරිසක් එ්කට විරුද්ධ වුණා. ඔවුන් කිව්වේ පොදුජන පෙරමුණට සහය දුන්නොත් අපි අාණ්ඩුවට සහය දක්වනවා කියලා. මේ කතාව දුර අැදිලා පොඩි ගාලගෝට්ටියක් වුණා. අැමතිවරුන්ගේ කතාවලට කේන්ති ගිය ජනාධිපතිතුමා “එහෙනං ඕන දෙයක් කරගන්න” කියලා එතනින් ගියා.
තාමත් ලංකාවේ දේශපාලනය උණුසුම් වෙමින් තියෙන්නේ. මොහොතින් මොහොත වෙනස් වෙන ලංකාවේ දේශපාලනයේ තොරතුරු එසැනින් ගෙන එන්න සියත 24 සූදානමින් ඉන්නවා.