News Line| Off Air
Generic placeholder image

Feb
15

ලග්න දෙකකට පවුලේ සමඟිය වැඩිවෙන දවසක් අද. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

932 Views


ලග්න දෙකකට පවුලේ සමඟිය වැඩිවෙන දවසක් අද. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 15  වනදා
රාහු කාලය  දිවා කාලය සඳහා දහවල් 01.54 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.55 සිට 03.27 දක්වා 

 

 

මේෂ ලග්නය

අවංකව හා යුක්ති සහගතව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. තීරණ ගැනීමේදී මෙන්ම අන් අය  සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. සාර්ථකව දිනය ගත කිරීමේ වාසනාව ඇත. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                         ජය අංකය: 01

වෘෂභ ලග්නය

සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ කිරීමට වැදගත් දිනයක්. සමීක්ෂණ වාර්තා පිළියෙල කිරීම සඳහා ඉතාම යෝග්‍ය දිනයකි. වෙනදට වඩා නිර්භීතව හා උනන්දුවෙන් ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                         ජය අංකය: 09

මිථුන ලග්නය

ජල විපත් පවතින බැවින් වඩාත් ප්‍රවේසම් වීම වැදගත්. වෙනදට වඩා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. ආමාශගත රෝග කෙරෙහි අවදානයෙන් සිටින්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                             ජය අංකය: 08

 

කටක ලග්නය

පවුලේ සමගිය වැඩි වන දිනයකි. ප්‍රේම සම්බන්ධතා ඇතිවන දිනයකි. වඩා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                            ජය අංකය: 07

සිංහ ලග්නය

ඔබේ සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. නිදහසේ හා විනයානුකුලව, වඩාත් ශක්තිමත් තීරණ මත ඔබ කටයුතු කරයි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. අවංකව කටයුතු කරන්නට සිතට ගැනීම වඩාත් යහපත්. අන් අය සමඟ කරන වැඩ කටයුතු වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                ජය අංකය: 06

කන්‍යා ලග්නය

ලේඛන කලාවේ නියැලෙන්නන්ට වඩාත් සුභ දිනයකි. තනතුරු හා නම්බු නාම ලැබෙන දිනයකි. තම පවුලට වැඩියෙන් ඇලුම් කරන දිනයකි.  අන් අයට උදව් කිරීමටද පෙළඹෙයි. වෙළඳාමට, ව්‍යාපාර වලට හා වානිජකරණයට දක්ෂ වන ඔබට ඉතාම වැදගත් වන දිනයක්. එබැවින් මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ඔබේ ආර්ථික ශක්තියද වඩාත් ඉහල යන දිනයකි.
ජය වර්ණය: ලා කොළ  පැහැය                                                 ජය අංකය: 05

 

තුලා ලග්නය

මහා පරිමාන ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයක් වන අතර වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි. අවශ්‍යතාවය අනුව ඔබ ඉතාම හොඳ දේ තෝරාගෙන වැඩ කටයුතු කරන දිනයකි. වැඩ කටයුතු සියල්ලක්ම අවශ්‍යතාව අනුව සාර්ථකව තම වැඩ කටයුතු නිම කිරීමේ හැකියාව පවතින දිනයකි. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 04

 

වෘශ්චික ලග්නය

 

සත්‍යට ගරු කරමින් නිවරිව කටයුතු කරන දිනයකි. එඩිතරව හා අවංකව කටයුතු කරන අතර අන් අය වෙනුවෙන් පෙනී සිටින දිනයකි. පවුල වෙනුවෙන් වැඩියෙන් කැපවන දිනයක් වන අතර දු දරුවන්ගෙන් වැඩි ආදරයක් ලබන දිනයකි. මිත්‍යා මත ඉවතලා සාර්ථකව දිනය ආරම්භ කරයි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                              ජය අංකය: 03

 

 

ධනු ලග්නය

ඉඩමක් හා නිවසක් සම්බන්ධව බලාපොරොත්තුවක් තිබුනානම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට ඉතාම යෝග්‍ය දිනයකි. නිදහසේ දිනය ගත කිරීමට ප්‍රිය කරයි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. වැඩිහිටියන්ගේ නිසි උපදෙස් පිලිපැදීමද වැදගත් වන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය                                              ජය අංකය: 02

 

 

මකර ලග්නය

ධාරණ ශක්තියෙන් යුතුව හා ආත්ම විශ්වාසයකින් යුතුව දිනය ආරම්භ කරයි. පුරාණ දේවල් වලට වඩාත් ඇලුම් කරන දිනයකි. වඩාත් ගෞරවනීය ලෙස දිනය ගත කිරීමට අවකාශ ලැබෙන දිනයකි. අන් අයගේ වැඩි ආදරය හා පිළිගැනීමද අපේක්ෂා කල හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉවසිලිවන්ත වීමට වග බලාගන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: දම් පැහැය                                          ජය අංකය: 01

 

 

කුම්භ ලග්නය

මුදල් කටයුතු සම්බන්ධ කටයුතු වලදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉවසිල්ලෙන් හා සෙවිල්ලෙන් කටයුතු කරන්න. තම අත්සන භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන්න. සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි අවධානයක් යමු කිරීමද වැදගත් වන දිනයකි. නොසැලකිලිමත් බැවින් කටයුතු කල හැකි දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                       ජය අංකය: 03

 

මීන ලග්නය

සංකීර්ණ විෂයයන් අන් අයට සරල ලෙස ඉගැන්වීමට යොමු වන දිනයකි. වගකීමෙන් යුතුව තම වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින දිනයකි. හදිසි ධන ලාභ ඇතිවන දිනයකි. ඉතා හොඳ අධ්‍යාත්මීක ශක්තියකින් යුතුව කටයුතු කල හැකි දිනයකි. එබැවින් භාවනාවකින් යුතුව දිනය ආරම්භ කරන්න. හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා හා ව්‍යාපාර කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                      ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ   
දුරකථන:  011 50 10 829  


News Articles
Latest Videos
Most Popular Post