සුෂුම්නාව කියන්නේ මිනිස් ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියක්. සුෂුම්නාවට හානියක් වුනොත් සදාකාලිකවම අබාධිතයෙක් වෙන්න පුළුවන්. මේ නිසා තමයි සුෂුම්නාවේ අාරක්ෂාවට සුෂුම්නා තරලය තියෙන්නේ.
වකුගඩු ජාවාරම අාසියානු රටවලට දැන් අලුත් දෙයක් නෙවෙයි. මිනිස් ශරීර අවයව ජාවාරමේ අලුත්ම ජාවාරම තමයි සුෂුම්නා තරලය හොරකම් කිරීම. පන්ජාබ් ප්‍රාන්තයේ කාන්තාවනගෙන් සුෂුම්නා තරලය සොරකම් කළ සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. ලේ සාම්පල් ලබා ගන්නා මුවාවෙන් තමයි මොවුන් සුෂුම්නා තරලය සොරකම් කරලා තියෙන්නේ.
පන්ජාබ් පොලීසිය කියන විදියට මේ කල්ලිය කාන්තාවන් 12 දෙනෙකුගේ විතර සුෂුම්නා තරලය හොරකම් කරලා තියෙනවා. කොහොම වුනත් නීතිවිරෝධී වෙළඳපොලේ මේ තරලය අලෙවි කරේ කොහොමද කියලා තාම හොයාගෙන නෑ.