News Line| Off Air
Generic placeholder image

Feb
15

“රංගන හේරත් වැඩ්ඩෙක් නෙවෙයි” කියූ ඉන්දීය විචාරකයාට ජාත්‍යන්තරයෙන් කණේ පාරක්

1354 Views


“රංගන හේරත් වැඩ්ඩෙක් නෙවෙයි” කියූ ඉන්දීය විචාරකයාට ජාත්‍යන්තරයෙන් කණේ පාරක්

ක්‍රිකට් පිටියේ දඟයන්ගේ නිජබිම තමයි ලංකාව. එ්කට හේතුව ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඟ පන්දු යවන්නන් දෙන්නා බිහිවුණේ ලංකාවෙන්. එක්කෙනෙක් තමයි ලෝක පූජිත දකුණත් දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්. අනිත් කෙනා තමයි සුපිරි වමත් දඟ පන්දු යවන්නා රංගන හේරත්.

පහුගිය දා අවසන් වුණ බංගලාදේශය සමඟ අවසන් ටෙස්ට් තරඟයේදී ලෝකයේ දක්ෂම වමත් ටෙස්ට් පන්දු යවන්නා වුණා. එ් වසීම් අක්‍රම් පරදා කඩුලු 415 ක් දවාගෙන. හේරත්ගේමේ සුපිරි වාර්තාව ගැන ලෝකය වටෙන්ම සුභ පැතුම් ගලා අාවා. එ් අතරේ ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ත් හිටියා.හැබැයි ඉන්දියාවේ සමහරුන්ට නම් හේරත්ගේ වාර්තාව අැහැට කටු අනිනවා වගේ වුණා. එ් අතරින් ප්‍රධානම කෙනෙක් තමයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මන්ජේකාරී.

සංජේ මේ වෙද්දී ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදියට කටයුතු කරනවා. පහුගියදා ඉන්දියාවේ පුවත්පතකට තීරු ලිපියක් ලියමින් ඔහු කිව්වේ හේරත් ක්‍රීඩාවේ විශිෂ්ඨයෙක් නෙවෙයි කියලා. ඉලක්කම් වලින් විශිෂ්ඨත්වය නිරූපනය වෙන්නේ නෑ කියලයි ඔහු කිව්වේ. හේරත් ඉන්දියාවේ සෙල්ලම් කරද්දී පන්දු යැවීම ඉහළ මට්ටමක තිබ්බේ නෑ කියලයි ඔහු චෝදනා කරලා තිබ්බේ.

සංජේගේ මේ නොහොබිනා කතාවට ලෝකය වටෙන්ම විවේචන එල්ල වෙන්න පටන් අරන්. ඔහුව විවේචනය කරමින් ක්‍රීඩා විචාරකයින් කියන්නේ රංගන හේරත්ගේ සමස්ත දත්ත අධ්‍යනය කරා නම් ඔහු කොච්චර දක්ෂයෙක්ද කියලා බලන්න පුළුවන් බවයි. ගොඩක් විදේශ දඟ පන්ද්‍ර යවන්නන් ඉන්දීය තණ තීරුවල සුපුරුදු දස්කම් පෙන්නන්නේ නෑ. මුරලිට ඉන්දියාවේදී කඩුල්ලක් දවා ගන්න ලකුණු 45 ක් වැය වෙනවා. ශේන් වෝන්ට ලකුණු 43 ක් වැය වෙනවා. එ් නිසා ඉන්දියාවේ දත්ත බලලා හේරත් අදක්ෂයි කියන්න බෑ. එහෙම නම් කෝලි එංගලන්තයේදී ශතක වාර්තා කරලා නෑ. එ් නිසා කෝලි අසාර්ථක පිතිකරුවක් කියන එක ලොකු විහිළුවක්.

සංජේ හේරත්ට එල්ලකරන තවත් චෝදනාවක් තමයි හේරත්ගේ පන්දුව විශාල වශයෙන් දඟ කැවෙන්නේ නෑ කියලා. මේකටත් හොඳ කනේ පාරක් ක්‍රිකට් විචාරකයින් සංජේට දීලා තිබ්බා. ඔවුන් කියන්නේ පන්දු යැවීමේ විශිෂ්ඨත්වය වන්නේ නොවරදින පාලනය කියලයි. හේරත් එ්ක හරියටම කරනවා කියලා විචාරකයින් පෙන්නලා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post