ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පළවෙනි T20 සටන අද අාරම්භ වුණා. එ් මීර්පූර්, ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශය. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා.
පළවෙනි කඩුල්ලට වේගවත් ලකුණු 49 ක් එකතු කරන්න සෞම්‍ය සාකර් සහ සකීර් හසන් සමත් වුණා. සකීර් ලකුණු 10 යි. නැවතත් පිටියේ එකතු වුණ මුෂ්ෆිකර් රහීම් සහ සාකර් දෙවෙනි කඩුල්ලට ලකුණු 51 ක සබඳතාවක් ගොඩනැගුවා. සාකර් වේගවත් ලකුණු 51 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 2 ක් අැතුලත් වුණා.
අෆීෆ් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුණා. බංගලාදේශය දැවැන්ත ලකුණු පුවරුවකට ගෙනියන්න මහමදුල්ලා සහ මුෂ්ෆිකර් සමත් වුණා. මහමදුල්ලා ලකුණු 43 කට දැවී ගියා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 66 ක් ලබා ගත්තා. ඍහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ හයේ පහරක් අැතුලත් වුණා.
පන්දුවාර 20 අවසන් වෙද්දී කඩුලු 5 ක් දැවී බංගලාදේශය ලකුණු 193 ක් ලබා ගත්තා. ලංකාවේ පන්දු යවන්නන්ට හිතපු තරම් සාර්ථක වෙන්න නම් බැරිවුණා. එ් වුනත් අවුරුදු 4 කට පස්සේ කණ්ඩායමට අාපු ජීවන් මෙන්ඩිස් දස්කම් දක්වන්න සමත් වුණා. ඔහු කඩුලු 2 ක් දවා ගත්තා. තිසර පෙරේරා සහ ඉසුරු උදාන එක කඩුල්ල බැගින් දවා ගත්තා. ලංකාවට දැවැන්ත ලකුණු 194 ක ඉලක්කයක් තියෙනවා.