News Line| Off Air
Generic placeholder image

Feb
17

අද ලග්න තුනක් දෙමව්පිය උපදෙස් මත කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

552 Views


අද ලග්න තුනක් දෙමව්පිය උපදෙස් මත කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 17 වන සෙනසුරාදා 
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.25 සිට උදෑසන 10.55 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.23 සිට රාත්‍රී 10.53 දක්වා 
සුභ දිශාව: බටහිර සහ දකුණ 
අසුභ දිශාව: නැගෙනහිර 

 

 

මේෂ ලග්නය

ඔබේ සිත තුල සතුට වැඩි වන දිනයකි. ක්‍රියාශීලීව හා දැහැමිව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. පවුල තුල සතුට සාමය වෙනදට වඩා වැඩි වන දිනයක්. අනතුරු ඇතිවීමේ ඉඩකඩ පවතින බැවින් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නිහතමානිකම ඇතිකර ගතයුතු දිනයක්.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 07

වෘෂභ ලග්නය

පවුල තුල වඩාත් සතුට උතුරන දිනයකි. ගමන බිමන මෙන්ම කරනා වැඩ කටයුතු වැලි සාර්ථකත්වය ලැබිය හැකි දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. කල්පනාකාරීව හා ඉවසිලිවන්තව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 04

මිථුන ලග්නය

ඔබ නොසිතූ අයුරින් ඔබේ වැඩ කටයුතු සාර්ථක වන දිනයකි. කරදර හා සතුරු බලවේග මර්දනය කරගත හැකි දිනයකි. . ඉවසීමෙන් යුතුව කාලයට ඉඩ දී කටයුතු කරන්න. සිත පාලනය කරගැනීමටද වග බලාගන්න. වියදම් පාලනය කරගන්න. දෙමව්පියන්ට වඩාත් ආදරයෙන් සලකන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: කොළ පැහැය                                                         ජය අංකය: 09

 

කටක ලග්නය

බාධක යටපත් කරගෙන වැඩ කටයුතු සාර්ථක කරගත හැකි දිනයක් වන මුත් වඩාත් අවිවේකී දිනයක් විය හැකිය. නමුත් ඉවසීමෙන් හා වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.  දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 05

සිංහ ලග්නය

දරුවන් පිළිබඳව වැඩි අවදානයක් යොමු කළයුතු දිනයකි. සිතට මානසික සහනයක් අපේක්ෂා කළහැකි දිනයකි. සතුරු බලවේග යටපත් වී ආර්ථික ශක්තිය මෙන්ම රැකි රක්ෂා ආදයම් වැඩි වශයෙන් ලබාදෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කිරීම වැදගත් වන අතර දෙමව්පියන් වෙනුවෙන් වෙහෙස විය යුතු දිනයක්.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 04

කන්‍යා ලග්නය

කරන්න වැඩ කටයුතු වලදී තනි තීරණ ගැනීම එතරම් යහපත් නොවෙයි. දෙගිඩියාවෙන් හා මොහොතින් මොහොත සක සංකා ඇතිවන ස්භාවයක් පෙන්වන දිනයකි. කරදර බාධක අවම වන, අන් අය අතර වැඩි වන  ගෞරවය ලැබෙන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                 ජය අංකය: 03

 

තුලා ලග්නය

ඔබගේ වටිනාකම අන් අයට වැඩියෙන් දැනෙන දිනයකි. නමුත් ඔබේ කෝපය හා අහංකාර ගති ලක්ෂණ අවම කරගත යුතු දිනයකි. වචන භාවිතයේදී පාලනයක් ඇතිකරගැනීම වඩාත් වැදගත් වන දිනයකි. බලය මගින් ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගත හැකි දිනයකි. සතුරු කරදරද ඇතිවන දිනයකි. ආගාමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                    ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

නොදැනුවත්කමින් ගන්න තීරණ ඔබට අවැසි සහගත තත්වයන් ගෙන දෙන දිනයකි. දුරදක්නා නුවණින් යුතුව කටයුතු කරන්න. අක්ෂි අබාධ වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් මත දැහැමිව දිනය ගත කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                               ජය අංකය: 09

 

 

ධනු ලග්නය

ඔබේ ගෞරවයට හානි ඇතිවිය හැකි දිනයකි. ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. කලට වෙලාවට වැඩ කටයුතු ආරම්බ්භ කරන්න. ව්‍යාපාර වලින් වැඩි ලාභ ලැබිය හැකි සුභ දිනයකි. අරපිරිමැස්මෙන් හා කෝපයෙන් තොරව කටයුතු කිරීමට අග බලාගන්න. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 03

 

 

මකර ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට සුභ දිනයකි. පවුලේ අය වෙනුවෙන් වැඩියෙන් මහන්සි වීමට සිදුවන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයක් වන අතර හිත මිතුරු ඇසුර නොඅඩුව ලබන දිනයකි. කල්පනාකාරීව හා අවංකව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: නිල් පැහැය                                                          ජය අංකය: 08

 

 

කුම්භ ලග්නය

ධන ලාභ හා කීර්ති ප්‍රශංසා නොමදව ලැබෙන දිනයකි. කරනා වැඩ කටයුතු වල සාර්ථකත්වයක් ලැබිය හැකිය. සෞඛ්‍ය වෙනදට වඩා වඩාත් යහපත් වන දිනයකි. තම දැනුමට හා ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 08

 

මීන ලග්නය

එතරම් යහපත් දිනයක් නොවන බව තරයේ මතක තබාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. යටපත් වූ වටිනාකම් නැවත ඇතිවීමේ ඉඩකඩද පවතින දිනයකි. නමුත් මානසික පීඩා හා සතුරු කරදරද ඇතිවන දිනයකි. දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රෝස පැහැය                                                   ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post