News Line| Off Air
Generic placeholder image

Feb
17

දේශපාලනය වැට උඩ, රුපියලේ අගය කොට උඩ.

670 Views


දේශපාලනය වැට උඩ, රුපියලේ අගය කොට උඩ.

මේ දවස්වල හැමෝගෙම උනන්දුව වෙලා තියෙන්නේ දේශපාලනයේ තිරය ඉස්සරහ සහ පිටිපස්සේ සිද්ධ වෙන දේවල් ගැන. පක්ෂ මාරු කිරීම්, සන්ධානගතවීම්, මාධ්‍ය හමු, විශේෂ ප්‍රකාශ වගේ දේවල් වලින් ප්‍රවෘත්ති පිරිලා තියෙනේ. හැබැයි මේ දේවල් අස්සේ රටේ ආර්ථිකේට මොකද වෙලා තියෙන්නේ කියල ගොඩක් අය දන්නෙවත් නැතුව ඇති.

ශ්‍රී ලංකා රුපියල, ඉතිහාසයේ වාර්තා නොවුන විදිහට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතිනවා. ඊයේ දවස වෙද්දී ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව, ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් වුනා. දැනට රට තුළ තියෙන දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල තවත් අවප්‍රමාණ වෙන්න පුළුවන් බව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ.

මේ වෙද්දී ශ්‍රී ලංකාවේ ආනයන සහ අපනයනය අතර වෙනස, එහෙමත් නැත්තන් වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 9 – 10ත් අතර ප්‍රමාණයක තමයි තියෙන්නේ. දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා 60% – 70%ක් ම පිටරටින් ආනයනය කරන නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීම විශාල බලපෑමක් ඇතිකරන බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය කියනවා. ඒ වගේම මේ දවස් කිහිපය තුළ 3% – 3.5%ක අගයකින් රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවා.

රුපියලේ අගය අඩුවෙන්න තවත් හේතුවක් වෙලා තියෙන්නේ, පවතින (දේශපාලන) තත්ත්වය නිසා විදේශිකයන් ඔවුන්ගේ ආයෝජන ඉවත්කර ගැනීමට පෙළඹීම. කොහොම වුනත් පවතින තත්වය නිසා මේ අවුරුද්ද ඉවරවෙද්දි ශ්‍රී ලංකා රුපියලේ තත්වය, ඩොලරයකට සාපේක්ෂව රු. 160 ත් 165 ත් අතර මට්ටමකට පහත වැටෙන්න පුළුවන් කියල තමයි ආර්ථික විශේෂඥයන් කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post