News Line| Off Air
Generic placeholder image

Feb
17

“අපි ගත්ත ලකුණු ඇති. පන්දු යැවීමෙන් තමයි අපිට වැරදුනේ.” – පළමු T20 තරඟයේ පරාජයට හේතු මහමදුල්ලා කියයි.

1069 Views


“අපි ගත්ත ලකුණු ඇති. පන්දු යැවීමෙන් තමයි අපිට වැරදුනේ.” – පළමු T20 තරඟයේ පරාජයට හේතු මහමදුල්ලා කියයි.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තිබ්බ පළමු T20 තරඟයේ පරාජයට බලපෑව කරුණු සහ තරඟයේ බංගලාදේශය ක්‍රීඩා කල ආකාරය ගැන තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවකදී මහමදුල්ලා අදහස් දක්වල තියෙනවා.

මේ තියෙන්නේ ඔහු කියපු කතාව;

“අපි ගත්ත ලකුණු ගාන, ඇති කියල මම තවම හිතන්නේ.අපේ අය හොඳ ඉලක්කයකට පන්දු යැව්වා.හැබැයි හොඳ පතිතයක් ගන්න බැරි වුනා මේ නිසා තමයි අපිට වැරදුනේ. මට හිතෙන්නේ සල්ෆදීන්ට ඊයේ හොඳ දවසක් නෙවෙයි. ඔහු හදල තියන පිටියට අවශ්‍ය විදියට පන්දු යැව්වෙත් නෑ, ඒ වගේම තමයි පිතිකරුවන්ට පහරවල් වලට අවසථාව දුන්න වැඩියි.මේ වගේ විකට් එකක ඒ වගේ පන්දු යවල බෑ.මම හිතන්නේ ඔහු ඒ දේවල් ඉක්මනටම ඉගන ගනී. තමන්ගේ වැරදි හදාගෙන ඔහු බංගලාදේශයේ තරඟ දිනවන්නෙක් වෙයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. අනිත් එක තරඟයේ ඔහුගෙන් විතරක් නෙවෙයි වැරදි වුනේ කවුරුවත් හරියට පන්දු යැව්වේ නෑ. නසුමුල් තමන්ගේ පළවෙනි තරඟයට ක්‍රීඩා කලත් ඔහුගෙන් හොඳ පන්දුවාර හතරක් අපිට ලැබුනා. ශ්‍රී ලංකාව පන්දු යවද්දී අන්තිම පන්දුවාර කීපය ඔවුන් හොඳ යෝකර් පන්දු යැව්වා,මුෂ්ෆිකර් එතැනදී රිවර් ස්වීප් පහර ගැහුවා වගේ අපි ඒ සැලසුම් වලට ඉක්මනට හැඩ ගැහෙන්න ඕන. අපිට අන්තිම තරඟය දිනන එක ගොඩක් වැදගත් වෙනවා. අන්තිම වශයෙනුත් කියන්න තියෙන්නේ අපි ගත්ත ලකුණු ඇති පන්දු යැවීමෙන් තමයි අපිට වැරදුනේ.”


News Articles
Latest Videos
Most Popular Post