News Line| Off Air
Generic placeholder image

Feb
18

ආදරවන්තයන්ගේ දිනයදා තරුණයෙක්ගේ සොහොන් කොතක් ලග හඩා වැටුණ තරුණියගේ කතාව – Trending

1929 Views


ආදරවන්තයන්ගේ දිනයදා තරුණයෙක්ගේ සොහොන් කොතක් ලග හඩා වැටුණ තරුණියගේ කතාව – Trending

අාදරය හරිම පුදුමාකාර දෙයක්. සමහරුන්ට දෝතින්ම ලැබෙද්දි තවත් සමහරුන්ට ලොකු වෙහෙසක් දරන්න වෙනවා ලබා ගන්න. එත් සමහරුන්ට කොච්චර උත්සහා කරත් ලැබෙන්නේ නෑ. අාදරවන්තයින්ගේ දිනය දවසේ Facebook එකේ Share වුන Post එකක් අපිට හම්බුණා. තමන්ගේ අාදරය සදහටම අහිමිවුණ තරුණියකගේ කතාවක්. පුළුවන් නම් අඬන්නේ නැතුව මේ කතාව කියවන්න.

අඩන්නෙ නැතුව කියවන්න

මගේ නම ඉසුරුණි. මම සදරුට ආදරය කරන්න පටන්ගත්තේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට. සදරු ඒ කාලයේ ටිකක් දඩබ්බර චරිතයක්. ගුරුවරයෙක් කියන කිසිම දෙයක් වැඩිය අහන්නේ නෑ. ඔය අතරේ තමයි සදරු මම ගැන ටිකක් උනන්දු වෙන්න පටන් ගත්තේ ඒත් මම කැමතිවුනේ නැ. එහෙම වෙන්න හේතුව සදරුගෙ දඩබ්බර රස්තියාදු කම.

ඔහොම ටික දවසක් යනකොට සදරු පිස්සෙක් වගේ හැසිරෙන්න ගත්තා. යාලුවෝ එක්ක එකතුවෙලා වෙනදට වැඩියෙන් බොන්න පුරුදු වෙලා කියලා මට දැන ගන්න ලැබුණා. මට ගොඩක් දුක හිතුණා. සදරු ගැන කතාවෙන හැම කෙනෙක්ම සදරු ඔහොම වෙන්න හේතුව මම කියල තමයි හිතන් හිටියේ.

දවසක් මට ඕනවුනා සදරුට කතා කරන්න. මම එයාගේ යාලුවෙක්ගෙන් නම්බරය ඉල්ලගෙන කතා කරා..

‘හෙලෝ”

“හෙලෝ..කවුද මේ…’

“කවුරු කියලද හිතන්නේ..”

‘ම්හ.. හිතන්න අමාරුයිනේ.. කවුද කියන්නකෝ..”

“මම ඉසුරුණි මෝඩයෝ..”

” අප්පට සිරි බිසෝ මැණිකෙට මොකෝ මාව මතක්වුනේ”

“කවුද මැට්ටෝ බිසෝ මැණිකේ”

“වෙන කවුද ඉතිම්..හා හා ඒකට කමක් නෑ ඇයි ඔයා කතා කලේ.”

“හහ් අපිට කතා කරන්න හොද නැද්ද?. හා එහෙනම් මම තියන්නම්කෝ.”

“ඒ.ඒ. මම ඉතින් තියන්න කිවුවේ නෑනේ..ලස්සන කෙල්ලෝ රස්තියාදු කාරයෝ එක්ක කතා කරන්න කැමති නෑනේ ඉතිම්..කොහෙන්ද ඔයාට නම්බරය ලැබුනේ.”

” ඒවා වැඩක් නෑ. ඇයි ඔයා මෝඩයෙක් වගේ බොන්නේ බොරු කියන්නේ නැතිව ඇත්ත කියනවා.”

“පිස්සුද.? මම එහෙම බොන් නෑ.කවුද කියන්නේ..”

මද සිනහවකින් යුතුව සදරු එලෙස කියන්නට විය. අපේ අම්මා එනවාත් සමග මම හදිසියේම දුරකතනය විසන්ධි කලාය.

වෙනද මුළු පන්ති කාමරයම හිනස්සපු සදරු දැන් වෙනදට වඩා ස්වරූපය සෑම අතින්ම යහපත්ය. කුමක් හෝ දෙයක් හිත ඇතුලේ තද කරගෙන ඉන්න බව මට ඉවෙන් මෙන් වැටහින. විවේකය ලැබුණ ගමන් මම සදරු ළගට ගිහින් ඔහු සමග ටිකක් කතා කලාය.

“ඇයි ඔයාට මොකක් හරි අසනීපයක්ද?”

“අනේ නෑ.. ඇයි එහෙම ඇහුවේ.”

” නෑ මට එහෙම තේරුණා.”

“නෑ මෝඩියේ පිස්සුද?”

සදරු මොකක් හරි ලොකු පසු තැවිල්ලකින් ඉන්නවා කියලා මට තේරුණා. ඒත් එයා ඒක මගෙන් හන්ගන්න උත්සහ කරනව වගේ තේරුණ නිසා මම එයාගේ යාලුවන් ගෙනුත් අහල බැලුව ඒත් ඒ අය එක්කවත් සදරු මොනවත් කියල තිබුනේ නෑ.

සදරුගෙ දඩබ්බර කම නැති වුනාම මුලු පන්තියම පාලු වෙලා වගේ. මම කොච්චර අකමැති වුනත් ඒ පණ්ඩිත වචන ඇහෙන්නේ නැතිව මටත් ගොඩක් පාලුයි.. සදරු වෙනද වගේ මම ගැන උනන්දු වෙන්නෙත් නෑ. සදරු මට අකමැතිද, වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙලාද නොයෙකුත් නිමක් නැති ප්‍රශ්න මගේ හිත ලග දෝංකාර දෙන්නට විය. නෑ සදරු ⁣එහෙම නෑ එයා මට ආදරය කරනවා මම ඒක දන්නවා.මමත් නොකිවුට ඒ වෙන කොටත් සදරු ගේ රූපය විතරයි මගෙ හදවතේ ඇදිලා තිබුණේ..හැමදාම මාව උදෙන්ම ඇහරවලා පාසලට එවුවේ සදරුගේ මූණ බලන්න ඕන කියන සිතුවිල්ලමයි.

මොනතරම් දඩබ්බර උණත් කවදාවත් පන්ති කට් නොකරපු සදරු ළගකදි ඉදන් ඉස්කෝලේ එන්නේ නැතිව නතරවෙලා තිබුණා. මම එයාගේ නම්බරයට කතා කළත් ඒක වැඩ කලේ නෑ. යාලුවන්ගෙන් ඇහුවත් එයාලවත් දැනන් හිටියේ නෑ. ආයෙත් සතියකින් විතර සදරු පාසලට ඇවිත් අර පරණ විදියටම මට බිසෝ මැණිකේ කිය කියා විහිලු කළා. ඒදා සදරු පුදුම විදියට යාලුවෝ එක්ක සතුටු වෙනවා මම දැක්කා.

16 වෙනිදා පාන්දර 5.00 ට විතර මට මිස්ඩ්කෝල් කිහිපයකුයි මැසේජ් එකකුයි ඇවිත් තිබ්බා සදරුගේ යාලුවෙක්ගෙන් ඒකේ තිබ්බේ ‘හදිස්සියක් ආන්සර් කරන්න කියලා” මම හනිකට ඒ නම්බරයට කෝල් එකක් ගත්තා. එයා ගොඩක් දුකින් වගේ කතා කරලා කිවුවා ඉසුරුණි සදා අපිව දාලා යන්නම ගිහින් කියලා..

මොනවදෝ මේ කියන්නේ කියලා මට කිසි දෙයක් තේරුම් ගන්නට නොහැකි විය. මා නැවත නැවතත් ඇසුවත් ඔහුගේ පිළිතුර එයම විය..

ඒ සිදුවීම දරාගන්න තරම් මම ශක්තිමත් නොවීය. මම මහ හයියෙන් කෑ ගහල අඩන්න පටන් ගත්තෙමි. ඒ සද්දයට අම්මා ඇහරැණාය.මම ඒ වන තුරු සදරු ගැන කිසිම දෙයක් අම්මාට කියල තිබුණේ නැත.මම හැඩු කදුලින් යුතුව සියලුම දෑ අම්මාට කීවාය. එවලේම ත්‍රීවිලරයක් රැගෙන සදරුගේ නිවසට අම්මත් මමත් ගියත් ඒ වන විටත් සදරු ගේ මෘත දේහය ⁣නිවසට ගෙනවිත් තිබුණේ නැත.

සදරු මම ගැන හැම දෙයක්ම සදරුලුයි අම්මට කියා තිබුණාය. මම ඒ අම්මගෙන් විස්තර අසන්නට විය. මොහොතක් හැඩූ කදුලින් යුතු ඒ අම්මාගේ මුවින් විවර වූ වචන ඒ තරම් සොදුරු වුයේ නැත.

“අනේ දුවේ මගේ පුතාට පිළිකාවක්. ඒක හරියටම අදුර ගත්තේ මීට මාසයකට කලින් එයා කිවුවා අ⁣ම්මේ මේක කාටවත් කියන්න එපා කියලා. ඊට පස්සේ පෙරිදා දොස්තර මහත්තයා කිවුවා පිළිකාව උඩු දුවල දැන් පුතාව ජීවත් කරවන්න ටිකක් අමාරුවෙයි කියලා. ඊයේ දවසේ පුතා හැමෝම එක්ක විනෝද වුණා පාන්දර 3.00 විතර එයා අපිව දාල ගියා රත්තරං දුවේ..කියමින් සදරුගේ අම්මා කෑ ගහල අඩන්නට විය..

සදරුගේ හොදම යාලුවා සසංක. එයා මට හැම විස්තරයක්ම කිවුවා.

“සදරු ඔයාට පට්ට විදියට ආදරය කලා. මට ඌ පිළිකාව ගැන කිවුවේ සතියකට උඩදි. ගිය ටිකේ ඔයා එක්ක කතා කලේවත් නැත්තේ. ඌ හිටියේ පට්ට අවුලෙන්. පිළිකාවට වඩා අවුල් වුනේ ඌට ඔයාව නැති වෙයි කියන බය. ඒ්ත් මම කිවුවා ඔයාට ඒක කියන්න කියලා. ඌ කිවුවා පිළිකාවක් තියෙන කෙනෙක්ට ඒකී ආදරය කරලා දුක් වෙනවට වඩා. මම ඒකීට කැමති නෑ වගේ ඉන්නවා එතකොට ඒයා හිත හදා ගනීවිනේ..කියලා “

හැම දෙයක්ම කදුලකින් නිමා විය. අද මට ඉතිරි වූයේ සදරු වැලලූ සොහොන් කොත පමණි. මම සදරුට නිවන් දකින්න කියන්නේ නැත.මම ප්‍රාර්ථනා කරන්නේ ලබන බවයයේදී හරි අපි එකට ඉමු කියාය..

…….අම්මගෙ තාත්තගේ ආදරයෙන් හැදුන අපි ටික ටික උස් මහත් වෙනකොට ඇගපත මෝරනකොට විරුද්ධ ලිංගික ආදරයක පැටලෙන්නේ කිසිම දෙයක් හරි ආකාරව තේරුම් ගන්නට නොහැකි කාලයක වෙන්න පුලුවන්.. ඒ කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට සැබෑ ආදරය කියන භූමිකාව ගැන ගොඩක් දෙනෙක් කතා බහ කරන්න පටන් ගත්තා. මේ පහලින් තියෙන පොටෝ එක දැක්කම මටත් ලොකු කම්පාවක් ඇතිවුනා. ඒ නිසයි මේක ලියන්න කල්පනා කලේ…..


News Articles
Latest Videos
Most Popular Post