අද ලග්න දෙකකට මංගල යෝග. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
554 Views
අද පෙබරවාරි මස 20 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.52 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.25 සිට 04.55 දක්වා
සුභ දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. සමාජයේ අවධානයක් දිනාගන්නා කෙනෙකු බවට පත්වීමේ වාසනාව ඇති අතර සේවකයන්ගෙන් වැඩි වාසි ලබාගත හැකි දිනයකි. අතර කෙසේවුවත් තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 01
වෘෂභ ලග්නය

අමුත්තන් හමුවන හමුවන දිනයකි. ගමන් බිමන් ඇතිවන අතර නව මිතුරන් හමුවන දිනයක්. දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරන්න.ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 02
මිථුන ලග්නය

ලේඛනයට හා නව නිර්මාණ වලට දිනයකි. පිනට දහමට වැඩියෙන් නැඹුරු වන දිනයකි. මංගල යෝග ඇතිවන දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න. කරන වැඩ කටයුතු සියල්ලක්ම මහන්සි වී සිදු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02
කටක ලග්නය

නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වඩාත් සුභ දිනයකි. නිසි සැලසුම් සකස් කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 01
සිංහ ලග්නය

මනා පෞරුෂයකින් යුතුව කටයුතු කරන දිනයකි. නිවසක්, ඉඩමක්, වාහනයක් ගැනීමට වඩාත් සුභ දිනයකි. සුභ මංගල යෝග ඇතිවන දිනයකි. එඩිතරව වැඩ කටයුතු කරන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. කල්පනාකාරී වීම වඩාත් වැදගත්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 09
කන්‍යා ලග්නය

අතපසු වුනු සියලුම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුදුසු දිනයකි. ව්‍යාපාර වලින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. වෙළඳාමට හා ව්‍යාපාර වලට දක්ෂ වන ඔබට වැඩි ලාභ ලැබිය හැකි දිනයකි. අනවශ්‍ය ක්‍රියා වලින් ප්‍රවේසම් වන්න. .
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. බුද්ධියෙන් යුතුව මෙන්ම ඉතාම ජවසම්පන්නව තම වැඩ කටයුතු ආරම්භ කරන්න. සෞඛ්‍ය පිළිබඳව වෙනදට වැඩි සැළකිල්ලක් දැක්විය යුතු දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 07
වෘශ්චික ලග්නය

තියුණු නුවනින් යුතුව කටයුතු කළ හැකි දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. කෙසේවුවත් සතුරු පීඩා වලින් ආරක්ෂා වීමට වගබලා ගත යුතු දිනයකි. ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: තද රෝස පැහැය ජය අංකය:05
ධනු ලග්නය

වඩාත් සුභ දිනයක් ඔබට උදාවී ඇත. ඉතා බුද්ධිමත්ව හා ආගමානුකුලව දිනය ගත කරයි. අහිමි ගිය දේවල් නැවත ලබාගැනීමේ හැකියාව පවතින දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 05
මකර ලග්නය

භාවනාවට මෙන්ම පුරාණ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන දිනයකි. මහන්සි වී වැඩ කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. පෞරාණික භාණ්ඩ වලට වැඩියෙන් ඇලුම් කරන, ඒවා ලැබෙන දිනයකි. ගමන් බිමන් බහුලව ඇතිවන දිනයකි. කල්පනාකාරී වීමට හා ඉවසිලිවන්ත වීමට වග බලාගන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 04
කුම්භ ලග්නය

අන් අය අතර වැඩි අවදානයක් ලබාගන්නා දිනයකි. ඔබ දන්නා දේවල් අන් අයට ඉගැන්වීමට ප්‍රිය කරන දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. නමුත් ප්‍රවේසම් වීමද වැදගත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 03
මීන ලග්නය

ඔබේ ආධ්‍යාත්මීක ශක්තිය වෙනදට වඩා වඩාත් ඔබට බලපාන දිනයකි. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න. හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි. අන් අයගේ ආදරයද ඔබට නොමදව ලැබෙයි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829