News Line| Off Air
Generic placeholder image

Feb
21

ලග්න දෙකක් වචන භාවිතයේදී ප්‍රවේසම් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

799 Views


ලග්න දෙකක් වචන භාවිතයේදී ප්‍රවේසම් වෙන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 20 වනදා  
රාහු කාලය  දිවා කාලය දහවල් 12.24 සිට 01.53, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.24 සිට අලුයම 01.54 දක්වා 
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව : නිරිත

 

 

මේෂ ලග්නය

ව්‍යාපාර කටයුතු අලුතින් ආරම්භ කිරීමට ඉතාම යෝග්‍ය දිනයකි. ලිපි ලේඛන හා රුපලාවන්‍ය කටයුතු වලට වඩාත් සුභ දිනයකි. කායික ශක්තිය මානසික තත්වය ඉතාම යෝග්‍ය  මට්ටමක පවතින දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න
ජය වර්ණය: ලා කොළ පැහැය                                         ජය අංකය: 05

වෘෂභ ලග්නය

බොහෝ කාර්යයන් හමුවේ යම් මානසික පීඩා ඇතිවිය හැකි නමුත් ඒවා  කරගෙන නිරෝගී සුවය අත්විදිය හැකි දිනයකි. තම හැකියාවන් තුළින්  දිනය සාර්ථක කරගැනීමේ හා තම පෞරුෂය වැඩිදියුණු කරගැනීමේ හැකියාව පවතින දිනයකි.ආගමානුකුලව කටයුතු කරනවානම්  දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                         ජය අංකය: 06

මිථුන ලග්නය

තරමක කාර්යබහුලත්වයක් ඇතිවන දිනයක් නිසාම මානසික පීඩා විටින් විට ඇතිවිය හැකි දිනයකි. සෙම් සහිත රෝග තිබෙන කෙනෙක් නම් නිසි ප්‍රතිකාර තුළින් ඒවා දුරු කරගැනීමේ හැකියාව පවතින දිනයකි.ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වැඩි දියුණු  දිනයකි. ඉවසීමෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය:  දීප්තිමත් කොළ පැහැය                                             ජය අංකය: 09

 

කටක ලග්නය

කායික හා මානසික ශක්තිය වැඩි දියුණු දිනයකි. වෙළදාම් මගින් වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. නව නිර්මාණ වලට හා කලා කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. සැලසුම් සහගතව කටයුතු සම්පාදනය කරගැනීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                 ජය අංකය: 06

සිංහ ලග්නය

ආගමානුකුලව හා නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. තාක්ෂණික මෙවලම් හා තරග ආදී කටයුතු වලින් සාර්ථකත්වයක් ලබාගත හැකි දිනයකි. කෙටි ගමන් බිමන් වලින් පීඩා ඇතිවිය හැකි දිනයකි.  වාහන ධාවනයේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                  ජය අංකය: 06

කන්‍යා ලග්නය

අධ්‍යාපන කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. ව්‍යාපාර කටයුතු වල වැඩි දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයකි. සමාජය තුල වැඩි ගෞරවයක් ලැබෙන දිනයකි. ආහාර ගැනීමේදීද වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. උනන්දුවෙන් වැඩ කටයුතු ආරම්භ කරන්න. සංචාරක කටයුතු වල‍ට  වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය                                           ජය අංකය: 04

 

තුලා ලග්නය

කලා නිර්මාණ වලට ඉතාම යෝග්‍ය දිනයකි.  අධ්‍යාපනයේ යහපත් ඇසුර තුල තම දක්ෂතා ඔප් නංවා ගැනීමේ හැකියාව පවතින දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි.  සැලසුම් සහගතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. දිනය වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                    ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

තරගකාරී කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. බොහෝ බාධාකාරී තත්වයන් උද්ගත වුනත් ඔබේ වැඩ කටයුතු වඩාත් පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. අතිශය කාර්යබහුල විය හැකි දිනයක් වන නිසාම කල්පනාකාරී වන්න. ඉවසිලිවන්ත වීමද ඔබට වඩාත්  වැදගත් වන දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය                                               ජය අංකය:09

 

 

ධනු ලග්නය

කායික හා මානසික පීඩා ඇතිවිය හැකි දිනයක් වන නමුත් ඒවා මග හරවා ගෙන සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි.  තීන්දු තීරණ වඩාත් කල්පනාකාරීව ගතයුතු දිනයකි. වචන භාවිතයේදී වඩාත් ප්‍රවේසම් වන්න. අමුත්තන් හා දුර බැහැර සිටින තම මිතුරන් හමුවන දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය                                               ජය අංකය: 03

 

 

මකර ලග්නය

ක්‍රියාශීලී බව තරමක් අඩුවන දිනයක් වන නමුත් තම වචනයෙන් අන් අයව වසඟ කරගැනීමේ සහජ හැකියාව පවතින දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතු වලට මෙන්ම තම රැකියා කටයුතු වලටද ඉතාම යහපත් දිනයකි. දුර බැහැර  ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැයය                                         ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

උදෑසන කාලය තුල තරමක කාර්යබහුලත්වයක් ඇතිවන දිනයකි. රැකියා කටයුතු වල මෙන්ම යන්ත්‍ර හා  තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වල යහපත් වෙනසක් හා දියුණුවක් අපේක්ෂා කල හැකි දිනයකි. නමුත් වඩාත් තීන්දු  ගැනීමේදී කල්පනාකාරීව කටයුතු වැඩ කටයුතු සම්පාදනය කරගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                      ජය අංකය: 07

 

මීන ලග්නය

කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග පීඩා ඇතිවිය හැකි දිනයකි. වචන භාවිතයේදී වඩාත් ප්‍රවේසම් විය යුතු අතර ඉවසීමෙන් කටයුතු කලයුතු දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. වඩාත් කල්පනාකාරී වීම හා ඉවසිලිවන්ත වීම ඔබට සහනයක් ගෙන දෙයි. දුර බැහැර ගමන් බිමන් වලින් සිතෙහි සතුට වැඩි වර්ධනය වන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                      ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන:  076 676 53 53   


News Articles
Latest Videos
Most Popular Post