News Line| Off Air
Generic placeholder image

Feb
22

නිවසක්, ඉඩමක්, වාහනයක්  ගැනීමට ලග්න දෙකකට වඩාත් සුභ දිනයකි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

582 Views


නිවසක්, ඉඩමක්, වාහනයක්  ගැනීමට ලග්න දෙකකට වඩාත් සුභ දිනයකි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 22 වනදා  
රාහු කාලය  දිවා කාලය දහවල් 01.53 සවස 03.23 සිට, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.54 සිට 03.25 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර

 

 

මේෂ ලග්නය

හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව මෙන්ම දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. සමාජයේ අවධානයක් දිනාගන්නා කෙනෙකු බවට පත්වීමේ වාසනාව ඇති දිනයකි. ආර්ථික තත්වයද වඩාත් යහපත් මට්ටමක පවතින දිනයකි. කෘෂිකාර්මික කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: තද රෝස පැහැය                                         ජය අංකය: 01

වෘෂභ ලග්නය

තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. කෝපය හා නොඉවසිලිමත් භාවය ඔබට හානි ගෙන දිය හැකියි. කලා කටයුතු වලට යෝග්‍ය උනන්දුවෙන් කිරීමට වෙහෙසෙන්න. අලුතින්  ඉගෙනගැනීමට යොමුවන්න. දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය:  තැඹිලි පැහැය                                         ජය අංකය: 03

මිථුන ලග්නය

ලේඛනයට හා නව නිර්මාණ වලට ඉතාම දක්ෂ වන දිනයක් වන අතර ඒවා වලින් වැඩි සාර්ථකත්වයක් ලබාගත හැකි දිනයකි. පිනට දහමට මෙන්ම ස්භාවධර්මයට  වැඩියෙන් නැඹුරු වන දිනයකි. කාලය නිසි ලෙස හසුරුවාගත යුතු දිනයකි. ආගමනුකුලව හා දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය:  ලා කොළ පැහැය                                            ජය අංකය: 02

 

කටක ලග්නය

මව් පිය උරුමය අද ඔබට වාසි ගෙනදෙන දිනයකි. අවිවාහකයින්ට සුභ මංගල යෝග ඇතිවන දිනයකි. වගකීම් දැරීමට හා ගෞරවයෙන් වැඩ කටයුතු කළහැකි දිනයකි. නිසි සැලසුම් සකස් කරගෙන වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                           ජය අංකය: 01

සිංහ ලග්නය

මනා පෞරුෂයකින් යුතුව කටයුතු කරන දිනයකි. පාලනයට මෙන්ම අධීක්ෂණය  කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. නිවසක්, ඉඩමක්, වාහනයක්  ගැනීමට වඩාත් සුභ දිනයකි. වඩාත් නිවැරදි තීරණ මත කටයුතු කරන සුභ දිනයකි. අවංකව හා එඩිතරව වැඩ කටයුතු කරන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                   ජය අංකය: 09

කන්‍යා ලග්නය

ගංගා හා ඇලදොළ ආශ්‍රිතව මෙන්ම  ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ලේඛන කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. තම පවුලට හා අන් අයටද වෙනදට වඩා ඇලුම් කරන දිනයකි. අතපසු වුනු සියලුම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුදුසු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                           ජය අංකය: 08

 

තුලා ලග්නය

මහා පරිමාණ ව්‍යාපාර කටයුතු වලට හා ඒවා ආරම්භයටද ඉතාම සුභ දිනයකි. අතපසු වුනු සියලුම වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට සුදුසු දිනයකි. පොළොවෙන් ලබන සැප සම්පත් ඔබට අද වාසනාව ගෙන දෙන දිනයකි. ව්‍යාපාර හා වෙළඳාම් කටයුතු වලින්ද සාර්ථකත්වයක් ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 07

 

වෘශ්චික ලග්නය

 

එඩිතර හා නිර්භයව තියුණු නුවනින් යුතුව කටයුතු කළ හැකි දිනයකි. මව්පියන් හා දූ දරුවන් කෙරෙහි වැඩි ආදරයක් ඇතිවන දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. සෞඛ්‍ය පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. නිසි ප්‍රතිකාර සඳහා යොමු වන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න
ජය වර්ණය: ලා රතු පැහැය                                               ජය අංකය:06

 

 

ධනු ලග්නය

අන් අයට ආදර්ශමත් කෙනෙක් ලෙස ඔබ දිනය ගත කරයි. ආගමානුකුලව හා දැහැමිව දිනය ගත කරන්න. වඩාත් සුභ දිනයක් ඔබට උදාවී ඇත. ඉතා බුද්ධිමත්ව හා ආගමානුකුලව දිනය ගත කරයි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය                                               ජය අංකය: 05

 

 

මකර ලග්නය

නිවසක්, ඉඩමක් අලුතින් යොමුවන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. වචන භාවිතයෙන් අන් අය අතර ආකර්ෂණය දිනාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ධාරණ ශක්තිය ඔබට වැඩි වාසි ගෙන දෙන දිනයකි.  කල්පනාකාරී වීමට හා ඉවසිලිවන්ත වීමට වග බලාගන්න.
ජය වර්ණය: දම් පැහැය                                         ජය අංකය: 04

 

 

කුම්භ ලග්නය

නිසි ලෙස කටයුතු සියල්ල සාර්ථකව කළමනාකරණය දිනයකි. ලේඛන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. කලා නිර්මාණ  සාර්ථකත්වය  දිනයකි. ගමන් බිමන්  යහපත් ප්‍රතිඵල ළඟාකරගත දිනයකි. නමුත් ප්‍රවේසම් වීමද වැදගත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තද නිල් පැහැය                                      ජය අංකය: 03

 

මීන ලග්නය

වචන භාවිතය මගින්  සාර්ථකත්වයක් අත්කරගත දිනයකි. පෞරාණික දේවල් කෙරෙහි වැඩි ඇල්මක් දක්වන දිනයක්   දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න. හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි.
ජය වර්ණය: ලා ගුරු පැහැය                                      ජය අංකය: 02
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ   
දුරකථන:   011 50 10 829  


News Articles
Latest Videos
Most Popular Post