News Line| Off Air
Generic placeholder image

Feb
22

කොළඹ ගිනි නිවන්න ඔස්ට්‍රියාවෙන් සුපිරි භාණ්ඩයක්. – Photo

897 Views


කොළඹ ගිනි නිවන්න ඔස්ට්‍රියාවෙන් සුපිරි භාණ්ඩයක්. – Photo

කොළඹ ගින්නක් අැති වුණාම නිවන එක ලේසි නෑ. එ්කට එක හේතුවක් තමයි ගිනි නිවන හමුදාවේ තියෙන පරණ ගිනි නිවන රථ. කොළඹ අලුතින් ඉදිකරන විශාල ගොඩනැගිලි වලට කොහොමත් පරණ ගිනි නිවන රථ ගැලපෙන්න නෑ.

එ් නිසා කොළඹ ගිනි නිවන්න අලුත්ම සුපිරි ගිනි නිවන රථ ගෙන්නන්න හදනවා. යූරෝ මිලියන 10.3 ක් වියදම් කරලා ඔස්ට්‍රියාවේ M/s Rosenbauer International AG අායතනවෙන් තමයි මේ ගිනි නිවන රථ ගෙන්නන්නේ. ගිනි නිවන්න අවශ්‍ය නවීන තාක්ෂණය සහ සුපිරි වැඩ ටිකක් මේ රථවල තියෙනවා.

පළාත් සභා සහ පළාත පාලන අමාත්‍ය ෆයිසර් මුස්ථාපා මහතා තමයි මේ යෝජනවා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කලේ. අමාත්‍ය මණ්ඩලය විසින් එ් යෝජනාව අනුමත කරා. ළඟදීම දවසක මේ සුපිරි ගිනි නිවන රථ කොළඹ ගිනි නිවන විදිය ඔබට බලා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post