News Line| Off Air
Generic placeholder image

Feb
22

හතුරු සහ සිංහයෝ මව්බිමේදී මුහුණ දෙන පළමු සටනේ කාල සටහන මෙන්න.

5650 Views


හතුරු සහ සිංහයෝ මව්බිමේදී මුහුණ දෙන පළමු සටනේ කාල සටහන මෙන්න.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය යන රටවල් තුනම කාලයක්ම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වෙලා තිබ්බා. ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලබා ගන්නවා. අපිට නිදහස ලැබෙන්න අවුරුද්දකට කලින් 1947 අගෝස්තු 15 ඉන්දියාවට නිදහස ලැබෙනවා. බංගලාදේශයට නිදහස ලැබෙනනේ 1971 මාර්තු 26 වෙනිදා.

හැබැයි මේ රටවල් තුන නිදහස ලබා ගන්න අායෙත් එකිනෙකා එක්ක සටන් වදිනවා. එ් ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලානය දිනා ගන්න. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය සහභාගී වෙන තුන්කොන් සටන මාර්තු 6 වෙනිදා අාරම්භ වෙනවා.

තරඟාවලිය පැවැත් වෙන්නේ රණසිංහ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟාවලිය සඳහා ටිකට් පත් නිකුත් කිරීම මේ වෙද්දී අාරම්භ කරලා තියෙනවා. එ් වගේම තරඟාවලියේ කාල සටහනත් නිකුත් කරා. මේ තියෙන්නේ නිදහස දිනා ගන්න රටවල් තුනක් සටන් වදින තරඟ කාල සටහන.

06 th March, 2018 SL vs India                             RPICS, Colombo
08 th March, 2018 Bangladesh vs India          RPICS, Colombo
10 th March,  2018 Sri Lanka vs Bangladesh RPICS, Colombo
12 th March,  2018 India vs Sri Lanka             RPICS, Colombo
14 th March,  2018 India vs Bangladesh         RPICS, Colombo
16 th March,  2018 Bangladesh vs Sri Lanka RPICS, Colombo
18 th March,  2018 Final                                        RPICS, Colombo


News Articles
Latest Videos
Most Popular Post