News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

ලාංකිකයන්ගේ සිහිනය හැබෑ වෙන ලකුණු. මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් වලට කැඳවීමක්. – Exclusive

6647 Views


ලාංකිකයන්ගේ සිහිනය හැබෑ වෙන ලකුණු.  මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් වලට කැඳවීමක්. – Exclusive

ලසිත් මාලිංගට පහුගිය කාලයේම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි වුණා. ඔහු නම් කිව්වේ තරඟ නොදෙන්න හේතු ඔහුවත් දන්නේ නෑ කියලා. ක්‍රිකට් අායතනය නම් කිව්වේ මාලිංගව විවේක ගන්වනවා කියලා. කොහොම වුනත් ක්‍රිකට් අායතනයේ ප්‍රභලයින්ගෙන් ලොකු කැපිල්ලක් මාලිංගට තිබ්බා.

හැබැයි මාලිංගව අායෙත් පුහුණුවීම් වලට කැදවලා තියෙනවා. සෑහෙන කාලෙකින් තමයි මාලිංගව කණ්ඩායමේ පුහුණුවීම් වලට කැදෙව්වේ. මේ පුහුණු සැසිවලින් පස්සේ තමයි ඉදිරි තරඟ සඳහා ක්‍රීඩකයින්ව තෝරා ගන්නේ. එ් නිසා ඉදිරියේදී අායෙත් මාලිංගව ක්‍රිකට් පිටියේදී බලා ගන්න පුළුවන් වේවි.

මේ දවස්වල කණ්ඩායම පුහුණුවීම් කරන්නේ නිදහස් කුසලානය ඉලක්ක කරගෙන. අන්තිමටම මාලිංග ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයකදී ලංකාව නියෝජනය කරේ 2017 සැප්තැම්බර් 06 වෙනිදා. ඉන්දියාව එක්ක ප්‍රේමදාස පිටියේ තිබ්බ තරඟයකට තමයි ඔහු සහභාගී වුනේ.

පිතිකරුවන් භීතියට පත්කරපු ලසිත් මාලිංග ආයෙත් පන්දු යවනවා බලන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිහින දැක්කා. ඔවුන්ගේ ඒ සිහින සැබෑ වෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලයි අපිට හිතෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post