News Line| Off Air
Generic placeholder image

Feb
23

වෛද්‍යවරුන්ගේ සියලු තර්ක පුස්සක් කරමින් පිරිමි ළමයෙක් බිත්තර දාන්න පටන් අරන්. – Photo/Video

3228 Views


වෛද්‍යවරුන්ගේ සියලු තර්ක පුස්සක් කරමින් පිරිමි ළමයෙක් බිත්තර දාන්න පටන් අරන්. – Photo/Video

සාමාන්‍යයෙන් බිත්තර දෙන්නේ පක්ෂීන්නේ. උරගයින් සහ උභය ජීවීන්ගෙනුත් බහුතරයක් බිත්තර දානවා. ක්ෂීරපායින්ගෙන් තාරාහොට ප්ලැටිපස් විතරයි බිත්තර දාන්නේ. හැබැයි කවදා හරි මිනිහෙක් බිත්තර දානවා කියලා අහලා තියෙනවද?

ඔන්න එ් පුවතත් අපිට දැන් අහන්න ලැබෙනවා. එ් ඉන්දුනීසියාවෙන්. වයස අවුරුදු 14 ක පිරිමි ළමයෙක් තමයි මේ විදියට බිත්තර දාන්නේ. ඔහුගේ පියා කියන විදියට මේ ළමයා අවුරුදු 2 ක ඉදන් බිත්තර දානවාලු. මේ වෙන්දී බිත්තර 20 ක් අධෝ මාර්ගයෙන් දාලා තියෙනවා.

මේ ළමයව පෙන්නපු වෛද්‍යවරුනුත් ලොකු ගැටලුවකට මුහුණ දීලා. පිරිමි දරුවාගේ උදරයේ කරපු එක්ස්රේ පරීක්ෂණයකදී තවත් බිත්තර බඩේ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. වෛද්‍යවරු ඉදිරියේම මේ ළමයා බිත්තර දෙකක් දාලා තියෙනවා.

වෛද්‍යවරු කියන්නේ කොහොමවත් මිනිස් සිරුරක බිත්තර අැති වෙන්නේ නෑ කියලා. බිත්තර වුවමනාවෙන්ම දරුවාගේ අධෝ මාර්ගයට අැතුලු කරලා කියලයි සමහර වෛද්‍යවරු කියන්නේ. හැබැයි දරුවාගේ පියා නම් එ් කතාව ප්‍රතික්ෂේප කරනවා. කොහොම වුනත් මේ ගැන තාමත් පරීක්ෂණ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post