News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

මේ දවස්වල තියෙන හිරු එළියෙන් ඔබේ ඇස් පරිස්සම් කරගන්න. නැත්නම් වෙන දේ මෙන්න.

515 Views


මේ දවස්වල තියෙන හිරු එළියෙන් ඔබේ ඇස් පරිස්සම් කරගන්න. නැත්නම් වෙන දේ මෙන්න.

ලෝකේ සිද්ධ වෙන කාලගුණික වෙනස්වීම් එක්ක අපේ රටෙත් කාලගුණය වෙනස් වෙලයි තියෙන්නේ. ඉස්සර කලට වැසි වැටුනට, දැන් වෙද්දී මේ තත්වේ වෙනස්වෙලා. ඒ නිසා මේ දවස්වලත් අපට අධික රස්නයත් එක්ක තමයි ඉන්න වෙලා තියෙන්නේ.

ඉතින් මේ දවස්වල තියෙන අධික හිරු රශ්මිය නිසා ඇස්වල පෙනීමට බාධා මතුවීම සහ ඇස්වල රෝගී තත්ත්වයන් හට ගැනීමේ අවධානමක් තියෙනව කියල අක්ෂි විශේෂඥයින් අනතුරු අඟවනවා.

හිරු එළියේ තියෙන පාරජම්බූල කිරණ පොළොවට එක එල්ලේම පතිතවීම නිසා ඇස්වලට යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකි බව තමයි අක්ෂි විශේෂඥ වෛද්‍යවරු කියන්නේ.

මේ හේතුව නිසා හිරු එළියට නිරාවරණය වෙන්නේ නැතුව ඉන්න කියල තමයි වෛද්‍යවරු ඔබට කියන්නේ. ඒ වගේම පුළුවන් තරම් වතුර බීලා ඔබේ ඇඟට ඇතිවෙන්න පුළුවන් විජලන තත්වයන් වලින් පරිස්සම් වෙන්න කියලත් තවදුරටත් මතක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post