News Line| Off Air
Generic placeholder image

Feb
24

“නීතිය හා සාමය ජනපති අතට, ජනපතිගෙන් හිටපු ජනපතිට Call එකක්, රවී මාරු වෙයි, තනි ආණ්ඩුවකට යළි රහස් සාකච්ඡා.” – කැබිනට් සංශෝදනයට පැය කිහිපයක් ඉතිරිව තිබියදී දේශපාලනයේ තිරය පිටුපස කතාව මෙන්න.

1917 Views


“නීතිය හා සාමය ජනපති අතට, ජනපතිගෙන් හිටපු ජනපතිට Call එකක්, රවී මාරු වෙයි, තනි ආණ්ඩුවකට යළි රහස් සාකච්ඡා.” – කැබිනට් සංශෝදනයට පැය කිහිපයක් ඉතිරිව තිබියදී දේශපාලනයේ තිරය පිටුපස කතාව මෙන්න.

කැබිනට් සංශෝධනය හෙටට කල් ගියාට තාමත් රටේ කතා වෙන්නේ කාට අැමති ධූර ලැබෙයිද කියලා. එ් අතරේ හැමෝම බලන් ඉන්නේ අැමතිධූරයෙන් ඉල්ලා අස්වුණ රවී කරුණානායක මහතාට අායෙත් අැමතිකමක් ලැබෙයිද කියලා. හැබැයි අලුත් කැබිනට් සංශෝධනයෙත් රවී කරුණානායක මහතාට අැමතිධූරයක් වෙන් වෙලා නෑ කියලයි ආරංචිය.

රවීට අැමතිධූරයක් දෙන්න ඕන කියලා එජාප ප්‍රබලයන් සහ පසුපෙළ මන්ත්‍රීවරු කියලා තිබ්බා. එ් වුනත් අගමැතිතුමා ජනාධිපතිතුමාට යවපු අැමති ලැයිස්තුවේ රවී කරුණානායක මහතාගේ නම අැතුලත් වෙලා නෑ. බැදුම්කර සිද්ධියට රවී මහාගේ නමත් සම්බන්ධ වුණ එක තමයි මේකට හේතු වෙලා තියෙන්නේ.

එ් වගේම තවත් වැඩියෙන්ම කතා බහ වෙන අමාත්‍යංශයක් තමයි නීතිය හ සාමය පිළිබඳ අමාත්‍යංශය. සාගල රත්නායක මහතා එම අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙනවා කියලා කලින්ම කිව්වා. අලුත් කැබිනට් සංශෝධනයෙන් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදේවි කියලයි ගොඩක් අය මත පළ කළේ. ඒත් ජනාධිපතිතුමා එ්කට කැමති වුණේ නෑ. ෆොන්සේකා මහතා එම තනතුර හිතුවක්කාරී විදියට පාවිච්චි කරයි කියලයි ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ජනාධිපතිතුමාට කිව්වේ.

අලුත්ම අාරංචි මාර්ග සදහන් කරන්නේ එම අමාත්‍යංශය ජනාධිපතිතුමා යටතේම තියා ගන්න සූදානමක් තියෙනවා කියලා. එ් වගේම නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යධූරය එජාප නවක මන්ත්‍රීවරයෙක්ට දෙන්න සූදානමක් තියෙනවා කියලත් මේ වෙද්දී වාර්තා වෙනවා.

කැබිනට් සංශෝධන ගැන එහෙම කතා වෙද්දි අායෙත් අාණ්ඩු පෙරළියකට තිරය පිටුපස සාකච්ඡා වෙනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන සාකච්ඡාවකට එන්න කියලා හිටපු ජනපති මහින්ද මහතාට අාරාධනා කරලා. හදිසියේම හිටපු ජනාධිපතිතුමාට දුරකථන අැමතුමක් ගත්ත ජනාධිපතිතුමා සාකච්ඡාවකට තමන් හමුවෙන්න පුළුවන්ද අහලා. කොහොම වුනත් තාම සාකච්ඡාවට දින නියම කරගෙන නෑ.

ශ්‍රීලනිපය අාණ්ඩුවක් පිහිටුවන්න අායෙත් රහස් සාකච්ඡා පටන් අරන් තියෙනවා. එ් එ්කාබද්ධ විපක්ෂය එක්ක. ජනාධිපතිවරයාට ඉතාම සමීප ජේෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මේකට මූලිකත්වය අරගෙන තියෙනවා. එකාබද්ධ විපක්ෂය මුල ඉදලාම කිව්වේ අාණ්ඩුවක් පිහිටෙව්වොත් තනතුරු බාර ගන්න බෑ කියලා. තාමත් ඔවුන්ගේ ස්ථාවරයේ වෙනසක් වෙලා නෑ කියලයි මේ වෙද්දී ආරංචිය.

Infosrilanka.lk වෙබ් අඩවිය ඇසුරින්


News Articles
Latest Videos
Most Popular Post