News Line| Off Air
Generic placeholder image

Feb
25

සුරූපී බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ජීවිතයෙන් සමුගනී.

1391 Views


සුරූපී බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ජීවිතයෙන් සමුගනී.

බොලිවුඩයේ සුරූපී නිළි ශ්‍රී දේවි කපූර් ජිවිතයෙන් සමුගත්තා. හදිසියේ ඇති වු හෘදයාබාධයකින් ඇය මිය ගියා. මේ වෙනකොට ශ්‍රී දේවිගේ වයස අවුරුදු 54යි.

මෙලෙස ඇය මිය ගියේ ඩුබායි හිදී පැවති පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් ඉද්දියි. වයස අවුරුදු හතරේ ඉඳලම ශ්‍රී දේවි දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක් වුණා.

ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමා පටයක් අති සාර්ථක කරන්නට හැකි අතලොස්සක් වූ ඉන්දීය සිනමා තාරකාවන් අතර ශ්‍රීදේවි ඉදිරියෙන්ම සිටියා.


News Articles
Latest Videos
Most Popular Post