News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

කෝලි, දෝනි ගෙදර තියා ඉන්දියාව නිදහස් කුසලානයට එන්නේ ඇයි?

1139 Views


කෝලි, දෝනි ගෙදර තියා ඉන්දියාව නිදහස් කුසලානයට එන්නේ ඇයි?

ලබන මාසේ 06 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් සටන අාරම්භ වෙනවා. එ් ශ්‍රී ලංකාවේදී. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශ නිදහස් කුසලානය දිනා ගන්න සටන් වදිනවා.

හැබැයි ඉන්දියානු කණ්ඩායමේ ප්‍රභලයින් රැසක් නිදහස් කුසලානයෙන් විවේක ගන්වන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේශ්වර් කුමාර්, ජස්ප්‍රිත් බුම්රා සහ හාර්තික් පාණ්ඩ්‍යා තමයි විවේක ගන්වලා තියෙන්නේ. එ් නිසා කණ්ඩායම මෙහෙයවන වගකීම පැවරිලා තියෙන්නේ රෝහිත් ෂර්මාට.

ගිය අවුරුද්දේ ලංකාව ඉන්දියාවේ සංචාරයක නිරත වෙද්දීත් ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන්නේ රෝහිත් ෂර්මා. එහිදී ඔහුගෙන් වාර්තා ගත ප්‍රහාරයක් ලංකාවට එල්ල වුණා. කොහොම වුනත් ප්‍රභල ඉන්දීය කණඩායමේ ප්‍රභලම ක්‍රීඩකයන් විවේක ගන්වපු එක ප්‍රදුම සහගතයි. ලංකාව සහ බංගලාදේශය පරද්දන්න ඉන්දියාවේ දෙවෙන පෙළ කණ්ඩායමක් යැව්වම අැති කියලා ඔවුන් හිතුවද දන්නේ නෑ. හැබැයි ඉන්දියාවට අමතක වෙලා සිංහයින් අයෙත් නැගිටලා ඉන්නේ කියලා.


News Articles
Latest Videos
Most Popular Post