අගමැති නීතිය සහ සාමය බාර ගත්තේ සති 2 කටද?
618 Views
අලුත් කැබිනට් සංශෝධනයේ වැඩියෙන්ම අවධානය දිනා ගත්ත අමාත්‍යංශය තමයි නීතිය හා සාමය අමාත්‍යංශය. කැබිනට් සංශෝධනයට කලින් සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වුණා.
එ් නිසා හැමෝම බලාගෙන හිටියේ කාටද ඊළඟට මේ අමාත්‍යංශය බාර වෙන්නේ කියලා. සරත් ෆොන්සේකා මහතාගේ නම තමයි එ් අතරින් උඩින්ම තිබ්බේ. සමහර මාධ්‍ය පවා වාර්තා කරලා තිබ්බේ අද සරත් ෆොන්සේකා මහතා නීතිය හා සාමය අමාත්‍යංශයේ දිව්රුම් දේවි කියලා.
හැබැයි කවුරුත් නොහිතපු විදියට අද එ් අමාත්‍යංශයේ මුහුණ දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. එ් වුනත් Sri Lanka Mirror වෙබ් අඩවිය වාර්තා කලේ අගමැතිවරයා එම අමාත්‍යංශය බාර ගත්තේ සති දෙකකට කියලා. සරත් ෆොන්සේකා මහතාට එම ධූරය ලබා දෙනවාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අැමතිවරු විරෝධය දැක්වුවා. එ් අර්බුදය විසඳ ගන්නා තෙක් විරයි අගමැතිතුමා මේ අමාත්‍යංශය බාර ගත්තේ කියලා Sri Lanka Mirror වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
කොහොම වුනත් මේ ගැන නිල ප්‍රකාශයක් අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා තාමත් කරලා නෑ. එ් වුනත් අද තිබ්බ කැබිනට් සංශෝධනයෙන් පස්සේ රංජන් රාමනායක නියෝජ්‍ය අැමතිවරයා නම් කිව්වේ අගමැතිතුමා නීතිය හා සාමය අමාත්‍යංශය බාර ගත්තේ ටික දවසකට කියලා.